නූෂ්..
එයා..එයා හිටියේ බිම වැටිලා..
"නූෂ්.."
මං කරේ තිබ්බ බෑග් එකත් බිම දාලා එතනට දුවගෙන ගියේ බයටම දාඩිය දාද්දි..
සතුටින් ගෙදරින් ආවේ මේ වගේ දෙයක් දකින්න නෙවෙයි දෙයියනේ..
"නූෂ්..නූෂ්..මැණික..ඇයි මේ.."
"ම්ම්හ්ම්ම්ම්..."
අතපය වකුටු කරගෙන මගේ ඇඳ ළග බිම වැටිලා ඉන්න එයාව උස්සලා ඇදෙන් තියලා ඉක්මනට ගිහින් මගේ වතුර බෝතලෙන් වතුර ටිකක් එයාගේ මූණට ඉස්සේ සිහිය නැති වෙලාද මොකක් වෙලාද කියලා හිතාගන්න බැරුවයි..
"මැණික..අනේ කතා කරන්නකො..ඔයාට මොකද..මොකද මේ වුනේ.."
"ම්හ්හුම්ම්ම්....අ..යි..යේ.."
එයා වෙව්ලනවා..
මං ඇදෙන් ඉදගෙන එයාගේ ඔලුව අතගාන ගමන් කතා කරා වෙනකොට එයා යන්තම් උස්සගන්න පුළුවන් වුන අත උස්සලා මගේ ෂර්ට් එකෙන් ඇද්දේ මං බය වෙලා එයා ළගට ළං වෙද්දි..
"ස්..සී..ත..ල..යි.."
"හරි කෝ එන්නකො මැණික.."
ඉක්මනට ගිහින් හොස්ටල් එකේ දොර ලොක් කරලා ඇවිත් සීතලයි කිව්ව එයාව තුරුල් කරගෙන මාත් ඇදෙන් නිදාගෙන අපි දෙන්නම වැහෙන්න බෙඩ්ශීට් එක දැම්මේ එයා කකුල් දෙකත් මගේ කකුල් එක්ක පටලවගත්තේ මගේ ෂර්ට් එක ගලවලා පපුවට තුරුල් වෙන ගමන්..
දෙයියනේ මේ කොල්ලට හොඳටම උණ..
නිරුවත් පපුවට එයාගේ උණුහුම ගිනි රස්නෙට දැනෙනකොට අමාරුවෙන් කෙඳිරි ගගා අත් දෙක ගුලි කරගන්න එයාව මං අත් දෙකෙන්ම වහගෙන ඔලුව අතගාන්න පටන් ගත්තේ ටික වෙලාවක දගලා දගලා හිටපු එයා ටිකකින් සන්සුන් වෙද්දි..
නින්ද ගිහින්..
පැය දෙකක්..දැන් උදේ 10.30ටත් කිට්ටුයි..
උදේට කාලා ආවේ නැති හින්දා බඩගිනි දැනුණත් එයා ඇහැරෙයි කියන බයට මං එයාගෙන් අයින් වුනේ නැ..
දැන් නම් උණ බැහැලා මාවත් එක්කම දාඩියෙන් පෙගිලා ගිහින්..
"ම්හ්ම්ම්ම්හ්ම්ම්..."
ESTÁS LEYENDO
𝕎𝕠𝕦𝕝𝕕 𝕌 𝔹𝕖 𝕄𝕪 𝕃𝕠𝕧𝕖 ⃦ Completed ✔️
Fanfictionදෙකොපුලේ වෑහෙනා...සිනහවේ පුරා පිරී... විසිරෙනා සෙනෙහසේ...සුව පවා හොඳින් දැනී... නිදහසේ දඟකලේ...ජීවිතේ නුඹමනේ... දැවටෙනා හැමවෙලේ...සිතුවිලි නිවුනේ... ඉල්ලාවී මේ දෑසම...පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම...විඳගමූ සංසාරෙම... Start :- 28.10.2022. End...
