ඇදේ නිදාගෙන හිටපු මං ඉද්ද ගැහුවා වගේ නැගිට්ටේ මගේ හිතේ ඒ වචන ටික දෝංකාර දෙද්දි..
එතකොට..ඒකද මට එහෙම දැනුනේ..පාලුවක්..හිස් ගතියක්..
මං එයාට ආදරේ කරන හින්දද..
අර පුංචි කොල්ලට..
එහෙම හිතද්දි මටත් නොදැනීම මගේ මුනේ ඇදුනු හිනාව දිහා මං බලන් හිටියේ කණ්ණාඩියෙන්..
ආයිෂ් අග්ර..තමුන්ට නම් දැන් පිස්සු..
අත් දෙකෙන්ම කොණ්ඩේ ඇදගත්ත මං ආපහු ඇදට වැටිලා කොට්ටේ බදාගෙන ඒ ඇස් මතක් කරන්න උත්සහා කරත් මතක් නොවෙන හින්දම එකසැරයක්වත් හැරුනේ නැති ඒ ඇස් එක්ක මට දැනුනේ කේන්තියක්..
චුට්ටක් බැලුවනම්..
එයා අතපය අකුලගෙන නිදගෙන ඉන්න විදිහ මැවිලා පේනකොට මං එයා කියලා හිතාගෙන කොට්ටේ බදාගෙන කොට්ටේ ඉම්බේ එයාගේ ඔලුව ඉබිනවා කියලා හිතාගෙන..
මට ඔයාව මගේ කරගන්න පුළුවන් වෙයිද පුංචි කොල්ලෝ..
අක්කා අයියට කියලා තිබ්බා වගේ තනියම හිනාවෙවී මං ඇදේ පෙරලි පෙරලි හිටියේ අම්මා බත් කන්න එන්න කියපු එකවත් ඇහෙන්නේ නැතුව වෙනකොට අම්මා ඇවිත් මට එකක් ගහලා කෑගහලා ගියේ මං ආයෙත් මුනින් අතට වැටිලා ටික වෙලාවක් ඉදලා එලියට යද්දි..
ඔයා මාව පිස්සෙක් කරනවා මැණික..
˸˸˸˸˸˸˸˸
මාස 7ක් ගෙවිලා ගියේ කොහොමද කියලා තේරුනේ නැති වෙනකොට අපිට ආපහු ඉස්කෝලෙ පටන් ගන්න ඉතුරු වෙලා තිබුනේ දවස් දෙකක් විතරයි..
නිවාඩු මාස ගානම මං එයාව බලන්න ගියා..හැබැයි අයියගෙන් එයා නිදිද කියලා අහලා එයා නිදි වෙලාවට තමා ගියේ..ඉතින් මං කොච්ච්ර එයාව දැකලා බලලා තිබ්බත් එයා මාව දැක්කේ නැ..ඒ වගේම මං එයාගේ අයියට මගේ හිතේ තියෙන දේ කිව්වම මුලින්ම අයියා අකමැති වුණත් පස්සේ මට කැමැත්ත දුන්නා..
එයා දන්නවා එයාගේ මල්ලි දුක් විදිනවා කියලා..ඒ හින්දම වෙන්න ඇති එයා කිව්වේ කිසිම දුකක් දෙන්නේ නැතුව එයාව බලාගන්නවනම් කැමතියි කියලා..ඒ වගේම එයාව බලාගන්න කිව්වා..
BINABASA MO ANG
𝕎𝕠𝕦𝕝𝕕 𝕌 𝔹𝕖 𝕄𝕪 𝕃𝕠𝕧𝕖 ⃦ Completed ✔️
Fanfictionදෙකොපුලේ වෑහෙනා...සිනහවේ පුරා පිරී... විසිරෙනා සෙනෙහසේ...සුව පවා හොඳින් දැනී... නිදහසේ දඟකලේ...ජීවිතේ නුඹමනේ... දැවටෙනා හැමවෙලේ...සිතුවිලි නිවුනේ... ඉල්ලාවී මේ දෑසම...පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම...විඳගමූ සංසාරෙම... Start :- 28.10.2022. End...
