අග්‍ර...
නූෂ්ගේ ලෝකය..
අග්‍ර කියන්නේ නූෂ්ට ලෝකයක්..
අම්මා තාත්තා ඉදලත් ඒ ආදරේ ලබන්න පින නැති වෙනකොට මුළු ජිවිතේම අයියා
කරගෙන හිටපු මට ඊලගට හම්බුනේ එයාගේ අක්කව..ඊටත් පස්සේ හම්බුන එයා මගේ ජිවිතේ නොදන්න දෙයක් නැති තරමට මට ළං වුණා වගේම මං ඒ ගැන සතුටු වුණා..
මං මුලින්ම ආදරේ කරේ නිහඬ ආඩම්බරකාර අග්‍රට වුණත් මං හිතන්නේ මං ළග විතරක් වෙනස්ම කෙනෙක් වෙන අග්‍රට මං ඊටත් වඩා ආදරේ කරනවා..
මං ළග වෙනස් වෙන එයා වගේම එයා ළගදි මං මංම වෙන්න පටන් ගත්තේ මට දැනෙන නිදහස ගැන සතුටු වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරුවයි..
මට සතුටුයි..එයා මගේ ළග ඉන්න එකට..ඒත් ගෙදර අය මතක් වෙද්දි බයයි..මට නැතත් එයාට කරදරයක් වෙයි කියලා..මොකද අපේ ගෙදර අයට වටින්නේ පවුලේ නම්බුම..එයාලා ඒ වෙනුවෙන් ඕනි දෙයක් කරයි..
කමක් නැ..කවුරු නැතත් අයියා එයාට කැමතිනේ..ඒ ඇති..
ආදරෙයි කිව්ව දවසේ ඉදන් එයා පුදුම විදිහට මට ළං වුණා..මං ගැන හොයලා බැලුවා..අයියට පස්සේ මං ගැන හොයලා බලපු එකම කෙනා එයා..අක්කට වුණත් මං මේ තරම්ම ළංවුණේ නැ..ඒත් මාව බය කරපු ඒ කළු පාට ඇස් මං විශ්වාස කරා..
මම මමම වුණ ඒ නිවාඩුවේ මං ඇති තරම් කතා කරා..දඟ වැඩ හොර වැඩ කරා..මට නොලැබුණ පුංචි කාලේ මං දැන් හොයනවලු..දවසක් මං එයා අයියා එක්ක එහෙම කියනවා අහගෙන හිටියා..ඇත්තටම ඒක එහෙමද..
මං ආසම එයා ළග හුරතල් වෙන්න..එයා මාව බදාගෙන හිස්මුදුනට ගණන් කරන්න බැරි තරම් වාර ගානක් ඉඹිනවට..එයාට තුරුල් වුණාම එයා මාවත් බදාගෙන දෙපැත්තට වැනෙනවට..
ඒ වගේම මං තාමත් ඒ කළු පාට ඇස් අස්සේ අතරමං වෙන්නේ හරි ඉක්මනට..ගැඹුරුයි..ඒ වගේම ඒ ඇස් වල ආදරේ පිරිලා..ඒක මට දැනෙනවා..
එයාගේ ආදරේ හරි වෙනස්..හරි ලස්සනයි..එයාගේ වැලදගැනීම් වලින් එක එක වෙලාවට එයාගේ ආදරේ කොයි තරම් ද කියන එක පවා තේරුම් ගන්න පුළුවන් විදිහට මං එයාට ළං වුණා..මං එයාට ඇබ්බැහි වුණා..
YOU ARE READING
𝕎𝕠𝕦𝕝𝕕 𝕌 𝔹𝕖 𝕄𝕪 𝕃𝕠𝕧𝕖 ⃦ Completed ✔️
Fanfictionදෙකොපුලේ වෑහෙනා...සිනහවේ පුරා පිරී... විසිරෙනා සෙනෙහසේ...සුව පවා හොඳින් දැනී... නිදහසේ දඟකලේ...ජීවිතේ නුඹමනේ... දැවටෙනා හැමවෙලේ...සිතුවිලි නිවුනේ... ඉල්ලාවී මේ දෑසම...පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම...විඳගමූ සංසාරෙම... Start :- 28.10.2022. End...
