වෙනදා වගේම 6ට බෙල් එක වැදෙනවා ඇහෙනවත් එක්කම ඇහැරපු මම ඇඳේ නිදාගෙනම අනිත් පැත්ත හැරිලා එයාගේ ඇඳ දිහා බැලුවේ නිදිමත බේරෙන ඇස් වලින් වුණත් මං හැරෙනකොටත් ඒ ඇස් තිබුණේ මගේ පැත්තට හැරිලා කියලා දැක්ක මම ගැස්සුණා..
එයා මටත් කලින් ඇහැරලා බලන් ඉදලද..
මං ඉන්නේ එයා දිහා බලාගෙන කියලා දැක්ක හින්දද නැත්තම් නිකන්ද කියලා දන්නේ නැ , කිසිම දෙයක් නොවුණු ගානට ඇඳෙන් නැගිටලා බෙඩ්ශීට් එක ලස්සනට නමලා ඇඳ අයිනෙන් තියලා ඇඳගෙන හිටපු ශෝට් කලිසමේ සාක්කුවට අත දාගෙන අනිත් අතින් කොණ්ඩේ හද හද එයා යන්න ගියේ මං දිහා එක පාරක්වත් බලන්නේ නැතුන වෙනකොට මං ඇස් දෙක ලොකු කරගෙන පුදුම වෙලා බලන් හිටියා..
එයා එක එක වෙලාවට එක එක විදිහක්..රෑට හොඳට කතා කරනවා..උදේට මූණවත් බලන්නේ නැතුව යන්න යනවා..
අනේ මංදා මට ඔයාව තේරුම් ගන්න බැ අග්ර..
එයාගේ මේ වෙස් පෙරලීම් ගැන හිත හිතම කලින් දවස් වල වගේ නැතුව කට්ටිය ටිකක් අඩු වෙනකන් ඉදලා මමත් ගිහින් නාගෙන ආවේ හැමදාම හැමෝටම පස්සේ නාන්න ගිහින් ලෑස්ති වෙලා කන්න යනකොට කෑම ඉතුරු වෙලා තියෙන්නේ ටිකක් හින්දා..ඒ විතරක් නෙවෙයි මම පරක්කු වෙලා ගිය හැම දවසකම ඒ කෑම සීතල වෙලා..
මම එයාගේ පැත්ත හැරිලා ඇඳේ ඉදගෙන ෂර්ට් එකේ බොත්තම් දාන ගමන් හිටියේ එයා ඇඳේ වාඩි වෙලා සපත්තු දෙකේ ලේස් ගැටගහනකොට..එයා දිහා බලන් හිටපු මගේ ඇස් එකපාරට ම නතර වුනේ නැමිලා ඉන්න එයාගේ උඩ බොත්තම් දෙක නොදාපු ෂර්ට් එක අස්සෙන් පේන සුදු පපුව ළග වෙනකොට යන්තමට වුණත් හරි ගානට බෙදුණු පළල් උරහිස් එක්කම පේන පපුව හින්දා මම අහේතුකවම නොසන්සුන් වුණා..
ඇයි..ඇයි..ඇයි මේ..නූෂ්..මොකද මේ..
මගේ එක අතක් ෂර්ට් එකේ බොත්තම් උඩ එහා මෙහා යනකොට අනිත් අතින් ඇඳගෙන හිටපු දිග කලිසම පොඩි කරගෙන සපත්තු නොදා හිටපු කකුල් දෙක එකට අතුල්ලගත්තේ මං නොසන්සුන් වුණ හැමවෙලාවකම මට ඉබේම මේ විදිහට වෙන නිසයි..
ලේස් ගැටගහගෙන ඉවර වුණු එයා නැගිටින්න හැදුවත් මං කකුල් අතුල්ලන විදිහ දැකලා මගේ කකුල් වල ඉදන් උඩට ඒ කළු පාට ඇස් අරගෙන ඇවිත් මගේ ඇස් අස්සේ නතර වුණාම මගේ ඇඟ පුරා හිරියක් ගියේ මාව සීතල කරවලා..
CITEȘTI
𝕎𝕠𝕦𝕝𝕕 𝕌 𝔹𝕖 𝕄𝕪 𝕃𝕠𝕧𝕖 ⃦ Completed ✔️
Fanfictionදෙකොපුලේ වෑහෙනා...සිනහවේ පුරා පිරී... විසිරෙනා සෙනෙහසේ...සුව පවා හොඳින් දැනී... නිදහසේ දඟකලේ...ජීවිතේ නුඹමනේ... දැවටෙනා හැමවෙලේ...සිතුවිලි නිවුනේ... ඉල්ලාවී මේ දෑසම...පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම...විඳගමූ සංසාරෙම... Start :- 28.10.2022. End...
