විසි පස්වන පරිච්ඡේදය| ආ ච්‍යාඕ, ඔහු ඔබට අපහාස කරනවා.

47 16 7
                                    


                       විසි පස්වන පරිච්ඡේදය

          ආ ච්‍යාඕ, ඔහු ඔබට අපහාස කරනවා.

"තුජුයේ?" තවත් අයෙක් කුතුහලයෙන් මෙසේ ඇසුවේ ය, “ෂෝ අධිරාජ්‍යයා තුජුයේට විරුද්ධව යුද්ධ කරන්නේ ඇයි?මධ්‍යම තැනිතලාව වගේ ධනවත් ප්‍රදේශයකට වඩා මිනිහෙක්වත් පේන්න නැති තුජුයේ භූමියට සටන් කරන එකේ ප්‍රයෝජනය මොකක්ද?”

මිනිසා පිළිතුරු දුන්නේ ය, “මධ්‍යම තැනිතලාව කියන්නේ යුද්ධයි, ගවේෂණයි අඛණ්ඩව සිද්ධ වෙන ප්‍රදේශයක්. දැන් දැන් තුජුයේ ජනතාව උතුරු ප්‍රදේශයට වැඩි වැඩියෙන් ව්‍යාප්ත වෙන්න අරන්. ඔවුන් බලවත් පර්සියානු අධිරාජ්‍යය පවා පරාද කළා. චීනය කියන්නේ ස්වභාවික සම්පත් බහුල තැනක්.ඒ වගේම ධනවත්. සාරවත් භූමිය නිසා බුද්ධිමතුන් ගොඩ දෙනෙක් ආකර්ශනය වෙන්නේ මෙතනට.තුජුයේ ජනතාව ආක්‍රමණශීලීයි. ඉතින් ඔවුන් කොහොමද මේ විශිෂ්ට අවස්ථාව මඟ හැරගන්නේ? ටස්පර් ඛාන්ගේ පාලන කාලයේදී, තුජුයේ රට, ඉතිහාසයේ කිසි දිනෙක බලවත් වෙලා ඉදලා නැහැ. ඒ ජනතාවගේ උඩඟුකමත් එක්ක, ශක්තිවල තියෙන මේ වාසිය නිසා ඔවුන්ගේ අභිලාෂයට ඔවුන් අනිවාර්යයෙන්ම යාවි. ඔවුන්ට මධ්‍යම තැනිතලාව ආක්‍රමණය කරන්න අවශ්‍ය නම්, චී සහ ෂෝ යන රටවල් දෙකට මුලින්ම පහර දෙන්න වෙනවා."

“උතුරු ෂෝ රටේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත්, චී රටේ ජාතික බලය දිනෙන් දින පිරිහෙමින් තියෙන්නෙ. ඒ නිසා චී රට කියන්නේ ඔවුන්ට ගැළපෙන පරිපූර්ණ ඉලක්කයක්. පහු වෙනකොට තුජුයේ භූමියත් ඔවුන්ට කරදරයක්. ෂෝ අධිරාජ්‍යයා ඥානවන්ත නායකයෙක් නම්, මේ ව්ටිනා අවස්ථාව ගිලිහෙන්න දෙන්නේ නැහැ. මේ දෙකට සාපේක්ෂව චෙන් රාජවංශය පසු කාලයකට කල් දැමිය යුතුයි. අනෙක් කාරණයනම්, මහා චෙන් රට කියන්නේ කෙනෙකුට පහසුවෙන් හසුරවන්න පුලුවන් ජාතියේ දුර්වල රටක් නෙවෙයි. යුවන් යොන්ග්ට චෙන් රටට පහර දෙන්න අවශ්‍ය වුනත්, ඒක කිසිසේත්ම  ප්‍රශ්නයක් නොවේවි. ඔබ සියල්ලෝම ඕනෑවට වඩා කනස්සල්ලට පත් වෙලා. ”

සහසක් සරාසඳ ᵗʰᵒᵘˢᵃⁿᵈ ᵃᵘᵗᵘᵐⁿˢ ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿWhere stories live. Discover now