පස්වන පරිච්ඡේදය|ඔහු බියෙහි කිසිදු සලකුණක්වත් නොපෙන්වා සන්සුන්ව පෙනී සිටියේය.

62 18 6
                                    

5 වන පරිච්ඡේදය: බිත්තියට වාරු වී සිටි ඔහු බියෙහි කිසිදු සලකුණක්වත් නොපෙන්වා සන්සුන්ව සහ සාමකාමීව පෙනී සිටියේය.


සිද්ධියෙන් දින තුනකට පසු, යූ ෂෙන්ග්‍යාන් ප්‍රහාරය දියත් කරන දවස උදා විය.

අලුත් අවුරුද්ද ගෙවී වැඩි කලක් ගත වී නොතිබූ නිසාත්, පහන් කූඩු උත්සවය තවම පැමිණ නොතිබූ නිසාත්, චීවල අගනුවර වන යේ නගරය ප්‍රීතිමත් වාතාවරණයකින් වැසී තිබුණි.

යාන් ෂිවන්ගේ නිලය ඉතා ඉහළ මට්ටමක තිබුණේ නැත. ඇත්තෙන්ම, සමඟි නිකාය විසින් ඔහුව මෙම තනතුරට පත් කිරීමට හේතුව විය හැක්කේ අධිකරණය කෙරෙහි අමතර ඇසක් තැබීම පමණක් විය හැකියි. ඔහුගේ සටන් කුසලතා මධ්‍යස්ථ වූ නිසාත්, ඔහුට තමාවවත් ආරක්ෂා කරගැනීමට නොහැකි වූ නිසාත්, යූ ෂෙන්ග්‍යාන්ට ඔහුගේ වර්තමාන කුසලතා මට්ටමෙන් වුවද යාන් ෂිවන්ව පරාජය කිරීමේ කාර්යය වතුර කෝප්පයක් පානය කිරීම තරම්වත් අපහසු නොවනු ඇත.

කෙසේ වෙතත් යූ ෂෙන්ග්‍යාන්, යැන් වූෂිගේ උපදෙස් පරිදි ෂෙන් ච්‍යාඕ ද ඔහුත් සමඟ රැගෙන ගොස් යාන් වාසස්ථානයෙන් පිටත රැඳී සිටින ලෙස ඔහුට පවසා, කෙලින්ම වහලය මතට පැන, යාන් ෂිවන් නිරීක්ෂණයට අධ්‍යයන කාමරය වෙත රහසින්ම පිටත් විය.

යාන් ෂිවන්ට තිබුණේ දෙවන පෙළ සටන් කුසලතා වුවද, ඔහු තරමක් කපටි මිනිසෙක් බව යූ ෂෙන්ග්‍යාන්ට කලින්ම තොරතුරු ලැබී තිබුණි. යාන් ෂිවන්ට සමඟි නිකායේ තනතුරක් ලබා ගැනීමට පවා හැකි වී තිබුණේ මේ නිසා විය යුතුය. යූ ෂෙන්ග්‍යාන්ගේ ඝාතනය, ඔවුන්ගේ විරුද්ධවාදීන්ට අනතුරු ඇඟවීමේ ක්‍රියාවක් පමණක් වූ නිසා ඔහු මේ මොහොත වන තුරුම මෙම පුද්ගලයා කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණේ නැත.නමුත් එතනට ළඟා වූ විට ඔහුට දුටුවේ යම්කිසි වැරැද්දක් සිදු වී ඇති බවක් පෙනෙන වාතාවරණයකි.

සේවකයන් තවමත් සිටි අතර මුරකරුවන් ඉඳහිට වාසස්ථානයේ, පිටත මුර සංචාරයේ යෙදී සිටියහ. නමුත් එය අධ්‍යයන කාමරය හෝ නිදන කාමරය හෝ වේවා, යූ ෂෙන්ග්‍යාන් හට යාන් ෂිවන්ගේ එක සලකුණක්වත් සොයාගැනීමට නොහැකි විය.

සහසක් සරාසඳ ᵗʰᵒᵘˢᵃⁿᵈ ᵃᵘᵗᵘᵐⁿˢ ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿWhere stories live. Discover now