එකොළොස්වන පරිච්ඡේදය
ශෙන් ච්‍යාඕ : මගේ හදවත විඩාබර බැවින් යළිත් ප්‍රේම කිරීමට නොහැකිය
කුඩා භික්ෂුව සිටියේ එය අගය කිරීමට තරම් මානසිකත්වයකින් නොවේ. එපමණක් නොව, ඇය බොහෝ සේ තැති ගෙන ද සිටියා ය.
මන්ද යත්, මෙම අත පැමිණියේ කොහෙන්ද යන්න ගැන ඇයට නිශ්චිත අදහසක් නොතිබූ නිසා ය. ඇයට කළ හැකි එකම දෙය වූයේ ආක්‍රමණය කළ අනෙක් පුද්ගලයාට තම මැණික් කටුව සිර කරගැනීමට ඉඩ දී සිටීම පමණි.
"ආහ්හ්!!!" ඇගේ මැණික් කටුවෙන් තියුණු වේදනාවක් පුපුරා ගියේ අවකාශය පුරා ඇගේ වේදනාත්මක කටහඬ පිළිරැව් දෙන්වමිනි. වේදනාව හේතුවෙන් ඇයට කෑ ගසා නොසිටීමට නොහැකි විය.
කාන්තාව කෙරෙහි බිඳකුදු හැඟීමක් නැති පිරිමියෙකුට වුවද මෙම කටහඬ ඇසුණහොත්, අඩුම තරමින් ඔවුන්ගේ චලනය හෝ මඳකට නවත්වනු ඇත. කෙසේ නමුත්, ඇය කුඩා භික්ෂු නමකගේ සරල හා අවංක මුහුණකින් පෙනී සිටි බැවින්, බලපෑම එතරම් කණගාටුදායක නොවූ අතර ඇය වෙත ප්‍රහාරය දියත් කළ පුද්ගලයාට ද ගල් හදවතක් තිබීම කණගාටුවට කරුණක් විය. ඇගේ මැණික් කටුවේ අස්ථි, එම දැඩි ග්‍රහණය හේතුවෙන් අමානුෂික ලෙස බිඳී ගොස් තිබුණු අතර ක්ෂණයකින් ඇගේ සිරුර ඉහළට පියාසර කළේ ය. නමුත් එය සිදු වූයේ ඇය පලා යාමට මූලිකත්වය ගත් නිසා නොවේ. ඇය අනිච්ඡානුග ලෙස ඉවතට විසි කොට තිබූ නිසා ය.
සියුමැලි සිරුර ආලින්දයේ තිබූ කුළුණ මතට ඍජුවම සහ තදින් කඩා වැටුණු අතර එහි බලපෑමෙන් එම කුළුණ පවා තරමක් සෙලවී ඇති බවක් පෙනෙන්නට තිබුණි. කුඩා භික්ෂුව බිම වැටී ලේ කටවල් කිහිපයක් වමනය කළේ අන්තයටම පහතට වැටී තිබූ අසරණයෙකු විලස ය.
ඇගේ එක් මැණික් කටුවක අස්ථියක් තදබල ලෙස දැඩි වූ එම ග්‍රහණය නිසා බිඳී ගොස් තිබූ අතර අනෙක් අත සිකඩා පියාපත් තලයෙන් සිදුරු වී තිබුණි. දරුණු ලෙස විකෘති වූ අත් යුගලයකින් යුක්ත වූ ඇයව, අන් අයට දිස් වූයේ සරණක් නැති අනුකම්පා සහගත පුද්ගලයෙකු විලස ය.
එහෙත් එවන් විනාශකාරී තත්ත්වයක් තිබුණ ද එය පවා ඇය සිතට ගත් බවක් නොපෙනුණි. ඒ වෙනුවට, ඇය දරුණු ලෙස කෝපාවිෂ්ඨ වී තමාට තුවාල කළ පුද්ගලයා දෙස බලා "ඔබ කවුද..." යැයි ඇසුවාය. ඇගේ මුඛය පිරී තිබූ රුධිරය නිසා ඇගේ කටහඬ තරමක් ගොළු සහ දුර්වල වී තිබුණ ද ඇගේ බැල්මෙහි දවා හළු කරන විලාසය දුර්වල වී තිබුණේ නැත.
ČTEŠ
සහසක් සරාසඳ ᵗʰᵒᵘˢᵃⁿᵈ ᵃᵘᵗᵘᵐⁿˢ ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿ
Historická literaturaමෙතෙක් කල් යැන් වූෂි ගමන් කර තිබුණේ රුධිරය සහ මළ සිරුරුවලින් පිරුණු මාවතකයි . ඔහු මනුෂ්‍යත්වයේ යහපත් ස්වභාවය විශ්වාස කළේ නැත. ඊටත් වඩා ඔහු විශ්වාස නොකළ තවත් දෙයක් විය. එනම්, කිසිම දෙයක් ගැන ආපසු බලාපොරොත්තු නොවී අන් අය කෙරෙහි සැලකිල්ලක් දක්වන කරුණාව...