26. සොබාදමේ ස්ථම්භය හයවන කොටස

Start from the beginning
                                    

ඇය කෙතරම් දුර්වල ලෙස දිස් වූයේදැයි කිවහොත්, ඇය අතුරුදන් වේයැයි දුටුවෙකුට සිතේ.

සුවඳ දුම් ස්වල්පයක් පිටතට ගත් ලින් ඒවා දැල්වූයේය; ඔහු එය වන්ග්ගේ නාසය යටින් තැබුවේය.

"ඉක්මන් කරන්න, සුවඳ දුම් ටිකක් හුස්ම ගන්න."

වන්ග් යථා ස්වභාවයට පත්වන විට, සුවඳ දුම් බොහෝ වේලාවක් දැල්වී තිබුණි. ඈ සුසුම් හෙලූ අතර ඇගේ සිරුර තරමක් අතත්‍ය බවින් මිදුණි.

"මොන මඟුලක්ද ඔයා කරන්නේ?"

චාඕ අනුකම්පාවකින් තොරව ඇගේ හිසට පහරක් ගැසුවේය; ඔහුට සැබැවින්ම අවතාර ස්පර්ශ කළ හැකිය. වන්ග් පුටුවේ පිටුපසට ඇලවුණාය.

"ඔයාට ආපහු සැරයක් මැරෙන්න ඕනද? මම ඔයාව අව්ව තපින්න එක්ක යන්නද?"

ප්‍රධානිතුමා මෙතරම් කෝපයෙන් සිටිනු ගුවෝ කිසිදාක දැක නැත; ඔහු වෙව්ලුවේය.

වන්ග්, චාඕ වෙත ගැඹුරු බැල්මක් හෙලා, රූපවාහිනිය වෙත ඇඟිල්ලක් දිගු කළාය.

ප්‍රවෘත්ති ප්‍රකාශයේ දිස්වූයේ ජීවිතාරක්ෂක කණ්ඩායමක් හා ප්‍රවෘත්ති වාර්තාකරුවන් භූකම්පනයේ බලපෑමට ලක්වූ ගම්මානයක හානියේ තත්ත්වය පිරික්සන ආකාරයයි.

භූකම්පනයේ ප්‍රභව ලක්ෂ්‍යය පිහිටා තිබුණේ වයඹ දිශාවේය. එහි මංමාවත් හොඳින් නිමවා නොතිබූ අතර ජනගහනය සීමිත විය.

කැමරාවෙන් දිස්වූයේ කුඩා පැල්පත් කිහිපයකි. ඒවායෙහි මිනිසුන් ජීවත් වූවාද නැද්ද යන්න පැහැදිලිව පැවැසිය නොහැක; ඒවායෙහි වහලවල්වලින් අඩක් කඩා වැටී තිබුණි.

නටඹුන් වී ගිය ශෛලමය පුවරුවක සටහනක් විය: "නදී ගම්මානය" (River Village).

වන්ග් සිය විසල් දෑසින් එම පුවරුව දෙස බලා සිට, මෘදු හඬකින් කතා කළාය,

"ඒ මගේ..."

ගුවෝ සිතුවේ ඇය "නිවස" හෝ ඒ හා සමාන යමක් පවසනු ඇතැයි කියාය. නමුත් මඳක් නිහඬව සිටි වන්ග් චාඕ වෙත හැරුණාය.

"ඒ මගේ සිරුර තියෙන තැන."

ඇටමිදුළු දක්වා සීතල කරනා මාරුතයක් කාර්යාලය තුළ හමා ගියේය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now