12. පුනරුත්පත්තිය එකළොස්වන කොටස

60 20 4
                                    

චාඕ ගුවෝගෙන් ගැලවුණු පසු, ඔහු නැවත අංක 4, ගුවන්ග් මින්ග් වීදීය බලා රිය ධාවනය කර, එක එල්ලේම කාර්යාලය වෙත ගොස්, කැමරා දර්ශන නැවත නැවතත් පරීක්ෂා කරන්නට විය.

දිවා කාලයට, කාර්යාලය එතරම් කාර්යබහුල නැත. එහි රාජකාරියේ නිරත වූයේ එක් කාන්තා නිලධාරිනියක් පමණි.

පිළිවෙළට පීරා පෝනිටේල් විලාසිතාවට බැඳි කොණ්ඩයකින් හා සරල ලෙස රූපාලංකරණ ද්‍රව්‍ය ගල්වා හැඩගැන්වූ මුහුණකින් යුත් ඇගේ වයස අවුරුදු විස්සක් තරම් යැයි කිවහැක; නමුත් බැලූ බැල්මටම ඇගේ දෑස් වෙහෙස නිසාවෙන් මලානික වී තිබුණි. ඒ කෙසේ වුවද, ඇගේ දෑත් ඉතාමත් වේගයෙන් වැඩ කරයි.

ඇගේ උඩුකය වැසී තිබුණේ නිළ ඇඳුමෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇගේ උඩුකය වැසී තිබුණේ නිළ ඇඳුමෙනි. නමුත් ඇගේ පාද දිගු, ගණකම් බ්ලැන්කට්ටුවකින් වැසී තිබුණි.

මේ බ්ලැන්කට්ටුව ඉතාමත් දිගුවූ නිසා, චාඕ අපරීක්ෂාකාරීව ඒ මත අඩිය තැබූ විට, එය මඳක් ඉවතට ලිස්සා ගියේය; බ්ලැන්කට්ටුව යටින් නලියමින් තිබූ විශාල පිඹුරෙකුගේ වලිගයක් දිස්වී, සැනින් යළි සැඟවී ගියේය.

මේ බ්ලැන්කට්ටුව ඉතාමත් දිගුවූ නිසා, චාඕ අපරීක්ෂාකාරීව ඒ මත අඩිය තැබූ විට, එය මඳක් ඉවතට ලිස්සා ගියේය; බ්ලැන්කට්ටුව යටින් නලියමින් තිබූ විශාල පිඹුරෙකුගේ වලිගයක් දිස්වී, සැනින් යළි සැඟවී ගියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේසය මත නාමපුවරුවකි. එහි සටහන: ෂු හොන්ග්.

යම්කිසි චුම්භක ක්ෂේත්‍රයක බලපෑමට හසුවීම නිසා කැමරා දර්ශන අපැහැදිලිය. කුඩා වීදිය සාමාන්‍යයෙන් මිනිසුන් එතරම් භාවිතයට ගන්නා එකක් නොවූ නිසා, එහි වූයේ ලී චියෑන් හා මියගිය තැනැත්තිය ලු රුඕමෙයි පමණි.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now