11. පුනරුත්පත්තිය දසවන කොටස, පෙර නොවූ විරූ රාත්‍රියක්.

70 26 5
                                    

ශෙන් ආපනශාලාවට ගොස් ආපසු පැමිණෙන විට දුටුවේ, බියගුළු ගුවෝ හා ඔහුව ගණනකටවත් නොගෙන අසලින් වාඩිවී සිටින මහත, කළු බළලා, ඇතුළුවීමේ දොරටුව අභියස සිටිනා ආකාරයයි.

"ඔයා..." ශෙන් අපහසුතාවයට පත් අයුරින් කතාව මඳකට නතර කළේය. මින් පෙර අවස්ථාවේ ඔහුගේ සම්පූර්ණ අවධානය දිනාගත්තේ වෙනත් පුද්ගලයෙකි. "මට සමාවෙන්න, ඔයාගේ නම මොකක්ද?"

ගුවෝ එක්වරම තිගැස්සුණද, ඉක්මනින්ම මහාචාර්ය ශෙන්ව හඳුනාගත්තේය.

ශෙන්ට මුහුණ දෙන විට ගුවෝ එතරම් බියසුළු නොවූයේ, ඔහු වෙතින් චාඕ ප්‍රධානිතුමාගෙන් මෙන් බලසම්පන්න බවක් දිස් නොවූ නිසාවෙනි.

බොහෝ දුරට, උගත් බුද්ධිමත් මහත්මයෙකු ලෙස ඔහු තුළ වූ ගතිගුණ නිසාවෙන් දෝ, ඔහු කටයුතු කරන්නේ චාඕ වැනි බලසම්පන්න පුද්ගලයෙකු සමඟ වුවද, නොඑසේ නම් ගුවෝ වැනි කුඩා අර්තාපල් අලයක් සමඟ වුවද, ඔහු එකම ලෙසට ශාන්ත හා තැන්පත්ය.

"මම ගුවෝ."

"ඔහ්, පුංචි නිළධාරී ගුවෝ." ශෙන් මඳ සිනාවක් පෑවේය. "ඔයා මෙහාට ආවේ මොකටද?"

ගුවෝ පසුබට වුණේය. ඔහුගේ රාජකාරිය වෙනත් කෙනෙකුට පැවසිය හැකිදැයි ඔහු දැන සිටියේ නැත; ඔහු ඉඟියක් ලබා ගැනීමට දා චිංග් දෙස බැලුවද, කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

දා චිංග් උගේ පාදයකින් මුහුණට ගසා ගත්තේය; ඔහු සිතන්නේ බළලෙකු ඔහුට වෙනත් මිනිසෙකු සමඟ සංවාද කරනා අයුරු ඉගැන්විය යුතු බවද?

නිර්භීත බුද්ධිමත් ප්‍රධානිතුමා සත්‍යයෙන් දුරස් නොවූ බව බළලා වටහාගත්තේය. මේ නම් සැබෑම මෝඩයෙකි.

ඔහු පත්වූ අපහසුතාව වටහාගත් ශෙන්, සිය ස්වරය වෙනස් කළේය. "සමාවෙන්න, මම එහෙම අහන්නැතුව ඉන්නයි තිබුණේ. ඒක මට අදාළ දෙයක් නෙමෙයි."

ගුවෝ ලැජ්ජාවෙන් බිම බලාගත්තේය... නමුත් ඔහුට ලැජ්ජා සිතුණේ කුමක් නිසාවෙන්දැයි ඔහුට වැටහුණේ නැත.

"ඔයා කෑම කාලද ඉන්නේ? මම කෑම ගොඩක් ගෙනාවා, ඔයාට ඕනෙනම් මේකෙන් කන්න පුළුවන්."

ගුවෝ එය ප්‍රතික්ෂේප කිරීමට සැරසුණද, ඔහුගේ උදරය එයට විරුද්ධ විය: ඔහු විශේෂ පරීක්ෂණ ආයතනයට පැමිණි මොහොතේ සිට මේ වනතුරුම කිසිදු ආහාරයක් ගත්තේ නැත.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now