13. පුනරුත්පත්තිය දොළොස්වන කොටස

69 24 3
                                    

සිගරට්ටුව නිවා දැමූ චාඕ, ඉක්මනින්ම සිය දුරකථනය පිටතට ගත්තේය. "දැනටමත් කළුවර වැටෙන්න හොඳටම ළඟයි. මම එයාගේ පස්සෙන් යැව්වේ අර මෝඩයාව විතරයි. මංම ගිහින් සිද්ධ වෙන දේ බලන්න ඕනේ."

"ඔයා කියන්නේ සිහිනැති වෙච්ච නවකයා ගැනද?" ෂු ඇසුවාය.

චාඕ ඇය දෙස නොඉවසිල්ලෙන් බැලුවේය. "අවතාර විනාශකයා (Ghost Slayer) එව්ව ලිපිය මට දෙන්න."

එය දුම්මල කුඩුවලින් ලියන ලද රතු පැහැති අක්ෂර සහිත කාල වර්ණ ලියුම් කවරයකි. "ගාර්ඩියන්වරයා වෙත, කරුණාකර පෞද්ගලිකව විවෘත කරන්න." ලිපිය තුළ ප්‍රේත ආත්මය පලා යෑමේ සිදුවීම පිළිබඳ සාරාංශය අන්තර්ගත විය. එහි අවසානයේ මෙසේ සටහන් කර තිබුණි. "මම මධ්‍යම රාත්‍රියේදී පැමිණෙමි; ඔබට සිදුවූ අපහසුතාවන්ට හා කරදරවලට සමාව අයැද සිටිමි."

චාඕ ලිපිය අනෙක් පසට හරවන විට ෂු උමතුවෙන් මෙන් ඉන් ඈත් වූවාය.

අවතාර විනාශකයා දෙවියෙකු නොවීය, ඔහු අවතාරයකුදු නොවීය. ඔහුව ආත්මයක් ලෙස හෝ සුරදූතයෙකු ලෙස හැඳින්වීමද සුදුසු නැත. පුරාවෘතයන්ට අනුව ඔහු උපත ලබා ඇත්තේ පරලොව ගැඹුරුතම ස්ථානයෙහිය. යහපත හා අයහපත වෙන්කර හඳුනාගත හැකි, අවතාර-විනාශක ආයුධයක් ඔහු සතු විය. ඔහු මෙම නාමය ලද්දේ එම නිසාවෙනි.

 ඔහු මෙම නාමය ලද්දේ එම නිසාවෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now