16. පුනරුත්පත්තිය පහළොස්වන කොටස

56 26 5
                                    

යම්කිසි ශබ්දයක් ඇසී ඒ දෙස බැලූ ගුවෝ දුටුවේ ලී චියෑන් නැඟී සිටිනා ආකාරයයි.

පළපුරුද්දක් නොමැති රූකඩ නටවන්නෙකු විසින් නටවන, කැඩීගිය රූකඩයක් මෙන් ඇගේ චලනයන් අපිළිවෙළ විය. ඇතැම්විට ඒ නිර්වින්දක ඖෂධ නිසාවෙන් විය හැක.

ගුවෝ සැනසුමට පත්විය. "දෙවියන්ට ස්තූති වෙන්න ඔයා හොඳින් ඉන්නවා."

ලී නිහඬවම ඔහු දෙස හිස් බැල්මකින් බලා සිටියාය.

ගුවෝට මෙහි කිසියම් අමුත්තක් ඇති බව වැටහුණි. "ලී?"

වඩාත් හොඳින් ඇයව දැකගැනීමට ඔහු ඉදිරියට ගමන් කළද, ශෙන් ඔහුගේ මාර්ගය හරස් කළේය.

ලී අද්භූත ලෙස සිනාසුණු අතර, ඇගේ මුව අඩ සඳක හැඩය ගත්, අසාමාන්‍ය වක්‍රයක් බවට හැරුණේය. කොක් හඬලා නැඟි අමුතුම සිනාවක් ඇගේ ගිරියෙන් ඇසෙන්නට විය; ඇගේ උරහිස් එක්වරම ගැස්සෙන්නටත්, ඇගේ සිරුර වෙව්ලන්නටත් පටන් ගත්තේය.

ඊළඟ මොහොතේදී, ලී විදුලි වේගයෙන් ඉදිරියට පැන, ඇගේ මුව විවර කර, ශෙන්ගේ උරහිසට පහර දුන්නාය. දුරකථනයෙන් නික්මුණු දුර්වල ආලෝකයෙන් දිස්වූයේ, ඇගේ අසාමාන්‍ය ලෙස විවර වූ මුවත්, එළියට පැන තිබූ දෑසත්ය; ඇගේ දත් දරුණු මෘගයෙකුගේ මෙන් පිටතට නෙරා තිබුණි. පිටුපසට ගමන් කළ ශෙන්, පසෙකට පැන ගුවෝගේ සිරුරේ හැපුණේය. අතපය ඒ මේ අත විසි කරමින් දැඟලූ ගුවෝ, කිසිවක් කරකියාගත නොහැකිව, මරබියෙන් දඟලන බූවල්ලෙකු මෙන් ලීට පහර දුන්නේය... ඔහු ප්‍රහාර එල්ල කළේ ඉතා අදක්ෂ ලෙස වුවද, ඔහු අහම්බයකින් ලීගේ මුහුණට පහරක් ගැසුවේය. ආවේශ වූ තරුණිය පිටුපසට විසිවිය.

ගුවෝ අඬමින්ම යටි ගිරියෙන් කෑගැසුවේය. "මෙහෙට එන්න එපා! මෙහෙට එන්න එපා! උදව්!!"

මෙම සිදුවීම හැකි උපරිමයටම ව්‍යාකූල විය: ගුවෝව බිත්තිය වෙත තල්ලු කල ශෙන්, ලීගේ උරහිස්වලින් අල්ලාගත්තේය.

ලී, උණු දිය සැලියක දැමූ කකුළුවෙකු මෙන් පහුරුගාමින්, සපමින්, ඇඹරෙන්නටත් නළියන්නටත් විය. ඇගේ ගෙල පිටුපසින් අල්ලාගත් ශෙන්, ඇයව බිත්තිය වෙත තල්ලු කර, ඇගේ වෙව්ලන දෑත් අල්ලා සිර කළේය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now