26. සොබාදමේ ස්ථම්භය හයවන කොටස

Start from the beginning
                                    

තිගැස්මට පත් ප්‍රධානිතුමාට ඉතිරිවූයේ තෙල් තැවරුණු මුහුණ පමණි.

"මේ පූසාට හෙණ ගහපන්!"

"ඔයාට ලැබෙන්න සුදුසු දේ තමයි ලැබුණේ."

ෂු හොන්ග් පැවසුවාය.

රූපවාහිනියේ උදෑසන ප්‍රවෘත්ති විකාශය වෙමින් තිබිණි. ඒ පසුගිය රාත්‍රියේ ඇති වූ භූ කම්පනයක් පිළිබඳවය.

එය ප්‍රදේශ කිහිපයකට බලපෑමුත්, එය සුළු පරිමාණයේ කම්පනයක් වූ නිසා බරපතල හානි කිසිවක් වාර්තා වී නොතිබුණි.

චාඕ මුමුණන්නට විය.

"ඇයි ඒක තව ටිකක් දරුණු වුණේ නැත්තේ, මට එයාව වැළඳගෙන සන්සුන් කරන්න තිබුණා."

සිදුවූයේ කුමක්දැයි දැන සිටි ලින් ජින්ග් රහසිගත ලෙස සිනාසුණේය.

ඔහු දෙස බැලූ ෂූ, චාඕගෙන් මෙසේ විමසුවාය.

"මේ සැරේ ඔයා කාටද කොක්කක් දැම්මේ?"

"ඒවගේ වැදගැම්මකට නැති වචනයක් භාවිතා කරන්න එපා; මේ විශ්මිත ලෝකයට ආදරය අවශ්‍යයි. තමුන් වගේ අපිරිසිදු මිනිස්සු පිරිසිදු ආදරේට අපහාස කරන්න හොඳ නෑ."

ලින් මෙසේ පැවසුවේය.

"ඔබේ ආත්මයට බුදුන්ගේ කරුණාව ලැබේවා..."

චාඕ සිය තෙල් සහිත දෑත්වලින් ඇගේ හිසකෙස් ඇල්ලීමට උත්සාහ දැරූ අතර, කෑගැසූ ඇය ඔහුගේ දෑත් මඟ හැරියාය.

මේ විකාරයෙන් මිදීමට චු ෂුචි පිටුපසට අඩියක් තැබූ නමුත් හිස ඔසවා බැලූ ඔහු විස්මයට පත්විය.

"වන්ග් චෙන්ග්? ඔයා මොකද දවාල මෙහෙ කරන්නේ?"

සෑම දෙනාම තිගැස්මට පත්වූ අතර, ෂු උඩ පැන්නාය.

"ජනෙල් තිර වහන්න, ඉක්මනට!"

ජනේල වෙතට වේගයෙන් දිවගිය ගුවෝ හා ලින් සියලුම තිර වසා දැමුවෝය; කාර්යාලයේ ජනෙල් තිර තට්ටු දෙකක් තිබුණි. ඉන් එක තට්ටුවක් පාරජම්බුල කිරණ වළක්වන ඒවාය. කාමරය එසැණින් කෑලි කපන අඳුරක ගිලී ගියේය; සිය බනිසය අවසන් කළ දා චිංග් විදුලි පහන් දැල්වූයේය.

වන්ග්ගේ මුහුණ සුදුමැලි වී විනිවිද පෙනෙන සුළු විය. ජනෙල් තිර සම්පූර්ණයෙන්ම වසා දමන තුරු රැඳී සිටි ඇය, ඉන්පසු පාවී ගොස් දුර්වල ලෙස අසුනක වැතිරුණාය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now