.ප්‍රවේශය.
සරත් ඍතුව උදා වී සතියක් පමණ ගතවී ගොස් තිබුණි.වාතය වියළි වුවද දැරිය හැකි උණුසුමකින් යුතු විය.රාත්‍රී අහස් කුස පැහැදිලිය.එනමුත් නිව්යෝර්ක් නගරයෙහි කහ-තැඹිලි පැහැ විදුලි ආලෝකයන්ගෙන් තරු රටා සියල්ලක්ම වැසී ගොස් තිබුණි.නගරයෙන් මඳක් ඈතට ගියද, ඔබට එක් තාරකාවක් වුවද දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. එහෙයින්, විදුලි බුබුළු හා කෘතිම ආලෝකයන් මත පමණක් යැපීමට ඔබට සිදුවේ.
නිව්යෝර්ක්හි එක් කොටසක් වූ මෑන්හැටන් නගරය කාගේත් ආකර්ෂණය දිනාගත්තකි.ලෝකප්‍රකට එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල රාත්‍රී අඳුර පරයා නැගී එන ග්‍රීක වීරයෙකු මෙන් ආලෝකය විහිදුවේය.රාත්‍රියෙහි විවෘත කර තිබෙන ආපනශාලා හා නොයෙකුත් ගොඩනැගිලි වල ආලෝකයෙන් වීදි සියල්ලම පාහේ ආලෝකමත් වී තිබුණි.මධ්‍යම උද්‍යානයද, සියලු සංකා පහ කිරීමට සමත් චිත්තාකර්ෂණීය දෙව්ලොවක් මෙන් පෙනිණි.
නමුදු,එය එසේ වූයේ දිවා කාලයට පමණි.වෙස් මුහුණක් පිටුපස සැඟවුණු රාක්ෂයෙකු මෙන් තමාගේ යහපත් දේ පමණක් පිට ලෝකයට පෙන්වන එහි සැබෑ තත්වය දැන සිටියේ මෑන්හැටන්හි වාසය කරන ජනතාව පමණකි.රාත්‍රියෙහි සිදුවන දූෂණ, මිනීමැරුම් හා නීති විරෝධී බොහෝ දෑ ඉතා හොඳින් ආවරණය කිරීමට සියලු දෙනා දැන සිටියහ.රැයේදී ඔබ වීදි නොබැස සිටියහොත් වඩා හොඳය.නැතහොත් ඔබේ දෑස් ඉදිරියේම දූෂණය වන තරුණියන් පමණක් නොව තරුණයන්ද නොදුටුවාක් මෙන් යාමට ඔබට සිදුවේ.ආරම්භයේදී ආරක්ෂක අංශ මේවා නැවැත්වීමට කටයුතු කලද, පසුව ඒවා සෙවීම නැවැත්වූයේ යුක්තිය පසෙඳලීමට වඩා තම ජීවිතය වැදගත් නිසා වියහැක.
චයිනාටවුන්හි තත්වයද එවැනිම විය.කුඩා නගරයෙහි වීදි පුරා හෝ අහුමුලු වල සිදුවන දෑ නොදෙවනි වන්නේ ලාස් වේගාස් නගරයට පමණි.කුඩා කුඩා චීන අවන්හල් අතරින් ඇති පටු මාවත් රාත්‍රියට සියල්ලන්ගේම රෝම කූප කෙලින් කරවන්නට සමත් බියකරු බවකින් පිරී තිබුණි.
අන්ධකාරයෙන් පිරීගත් එවැනිම එක් මාවත කොනක සිටගත් පුද්ගලයෙකු තමාට මඳක් දුරින් පිහිටි ගොඩනැගිල්ල දෙස බලා සිටියේය.කාල වර්ණ කබායකින් සැරසී සිටි මොහුගේ පෙනුම රාත්‍රියෙහි වීදි පුරා ඇවිදිමින් රස්තියාදු වන බේබද්දෙකුට සමාන විය.අපිරිසිදු තඹ පැහැ හිසකෙසින් වැසුණු මුහුණ කෙටි රැවුල් කොටවලින් වැසී තිබුණි.සිහින් දිගු දෑත කළු පැහැ අත් ආවරණයක් තුල සැඟිවී තිබිණ.සෑම විටම රවාගත් දෑසින් යුතුව සිටීම නිසාම ඔහුගේ වතෙහි ස්ථිරසාර රැවුමක් සටහන් වී තිබුණි.අසාමාන්‍ය ලෙස උස් වූ මේ පුද්ගලයාව මිනිසුන්ගේ අවධානයට කිසිසේත් ම ලක් නොවුණේ නිව්යෝර්ක් වලදී ඔබ කරන්නේ එසේ නිසාය.වීදි මැරයන්ව ඔබ ගණන් ගතයුතු නැත.ඔවුන් ඔවුනොවුන්ගේ රාජකාරියක් කරගන්නා අතර සාමාන්‍ය ජනයාට ඔවුන්ගෙන් වැඩක් නැත.විශේෂයෙන්ම නිහඬ වූ මේ පුද්ගලයාව මිනිසුන්ගේ අවධානයට ලක් නොවූ තරම්ය.නමුත් මඳක් සුපරික්ෂාකාරීව බැලුවහොත් ඔබට ඔහුගේ රහසිගත ලෙස බුද්ධිමත් දෑසද, ගත සලිත කරවිය හැකි බළලෙකුගේ මෙන් සුනම්‍ය ඉරියව්ද, අපිරිසිදු පෙනුමට යටින් සැඟවුණු කඩවසම් බවද දැකිය හැක.
මොහු ජොනතන් විය.කුඩා කල සිටම අනාථ නිවාසයක හැදී වැඩුණු ජොනතන් විසි වැනි වියේදී ඔත්තුකරුවෙකු ලෙස සේවයට බැඳුණි.
ESTÁS LEYENDO
INFERNO |bl
Misterio / Suspensoගිම්හානයේ විකසිත වූ මල් අතරින්.. කොළ පැහැගත් තුරුලතා අතරින්.. නැවුම් හිරු එළිය අතරින්.. භීතියේ කුණාටුව පැමිණෙයි.. රුධිරයේ හා වෛරයේ කුණාටුව.. කඳුලැලි හා සෙනෙහසේ කුණාටුව.. ඔහුට එයට මුහුණ දිය හැකිද?.. සත්‍ය සොයා ගැනීම කළ හැක්කක්ද?.. 'ඔහුට' තමාගේ අත්වැර...
