"ඔයා කවන්න..."

ඔහු පැවසූ නිසාවෙන්ම මම හැන්දට ගත් අයිස්ක්‍රීම් ඔහු මුව අසළට ගෙන ගියෙමි....

"Too boring..."

ඔහු එය පවසන්නට වූයේ නෝක්කාඩු බවක් ගැබ් වූ ස්වරයකි නි...

"ඔය විදිහට කන්න බෑ..මෙහෙම කවන්න..."

ඔහු පැවසීමත් සමඟ,අයිස්ක්‍රීම් මුවට ගත් මා , මා මුව ඔහුගේ මුව අසළට ගෙන යන්නට වූයේ දීප්තිමත් දෑසින් ඔහු මා දෙස බලා සිටින විටදී ය.මුවෙහි වූ අයිස්ක්‍රීම් හා එහි වූ සීතලත් සමඟින් මුසු වූ Vegas ගේ උණුසුම් දෙතොලේ පහස මා හට එහිදී ගෙන එන්නට වූයේ මින් පෙර නොවූ විරූ අන්දමේ සුවයකි.අප දෙදෙනා එලෙස කෙතෙක් වෙලා සිටියා දැයි අප දෙදෙනාටද වැටහීමක් නොවීය.කෙසේ හෝ ඒ අයිස්ක්‍රීම් කැවූ ආකාරයෙන් මාගේ දෙතොලට නම් කිසිඳු නිදහසක් වූයේ නැත...

🌸🌸🌸🌸🌸🌸🌸

මෙහි වූ අලංකාරය සංගීතයට සවන් දෙමින් මා සිටිනා විටදී Vegas මා එයින් පිටතට රැගෙන එන්නට වූයේ දැන් අප මෙයින් යා යුතු බව පවසමිනි...

"Vegass...ඇත්තටම අද දවසට ගොඩක් ස්තුතියි..."

මා හදට නැඟි අවංක සිතිවිල්ල ඔහුට පවසන්නට වූයේ මා මින් පෙර කිසිම දිනෙකදී මෙවන් අත්දැකීමක් නොලැබ තිබූ නිසාවෙනි...

"දැන්ම තෑන්ක්ස් කරන්න ඉක්මන් වෙන්න එපා බේබි...හොඳම දේවල් ලැබෙන්නෙ ඉස්සරහට..."

ඔහු එලෙස පවසමින් සැනෙකිලි බිමෙන් පිටතට මා රැගෙන එන්නට වූයේ , මා පුදුමයෙන් ඔහු දෙස බලා සිටිනා විටදී ය...

🌸🌸🌸🌸🌸🌸

සැනෙකිලි භූමියෙන් පිටතට පැමිණි පසු වූයේ හාත්පසම අඳුරේ ගිලි තිබූ වටපිටාවකි.මා ඒ පිළිබඳව Vegas ගෙන් අසන තුරුම අද දිනය අමාවක දිනයක් බව මාගේ මතකයට පැමිණ තිබුණේ නැත.විසිතුරු ආලෝක රටා,දෙසවන් පිනවන සංගීතයෙන් හා මිනිසුන්ගෙන් පිරි අපූර්ව ලෝකයක මින් මොහොතකට පෙර හිඳ එක්වරම මෙලෙස අඳුරු බවින් යුතු පරිසරයකට මැදි වීම ඇත්තෙන්ම බිය ජනකය.කුමක් වුවද මේ පිළිබඳව මා සිතෙහි උපන්නේ දෙගිඩියාවකි.Vegas මා අසළ සිටියද මා හට කුමක් සිදු වේ දැයි සිතිය යුත්තේ මා ය.මන්ද අන් සියල්ලටම වඩා වෙනස් වූ පුදුමාකාර හැසිරීම් එක්වරම Vegas ගේ චරිතයෙන් මතුවන බැවිනි.

VegasPete Beginning of the love...Where stories live. Discover now