<<As my will>> (Last )

271 79 48
                                    

...

...

...



..ඒ..යි..තමුසෙට පිස්සුද මෝඩයෝ මොකක්ද ඒ කලේ..

..ඇයි දන්නෙ නැද්ද මං තමුසෙට කිස් එකක් දුන්න..

..ඒ..ඒක මං දන්නවා..මං.අහන්නේ මොකටද කියල..ඒක සම්පූර්ණයෙන්ම බලහත්කාරකමක් ..

..අනේ මේ කට වහන් ඉන්නවද..ඔය තරම් අකමැති නම් මොකද මාව තල්ලු කරන්නේ නැතුව බෙල්ල හරෝ හරෝ හපන්න ගත්තේ..මේන් බලනවා තුවාලත් වෙලා..කරන්න ඕන සේරම කරලා දැන් එනවා බලහත්කාරකමක් කියාගෙන දෙන්න හිතෙනවා ඉතින් පස්ස පුපුරන්නම...

යීබෝ තාමත් උකුලේ ඔලුව තියන් කෑ ගහනකොට සීන් ගස්සගෙන අහක බලාගත්තා..කිව්වත් වගේ මේ හොර දූතයගේ තනිකරම සෝබනේ විතරයි තියෙන්නේ..මාත් දැක්කනේ මෙලෝ සිහියක් නැතිව දෙන්නා කට කාගත්තු හැටි..තනිකඩ මං මෙතන පපුවත් අල්ලන් වැලපෙනවා මුන් දෙන්නා බොරුවට රන්ඩු කරනවා..

..සීන්..

......

..සීන් මෙහෙ හැරෙනවකෝ..

..මට බෑ..

..හරි හරි ආයේ මුකුත් කරන්නෙ නෑ..කෝ ඉතින් මෙහෙ බලනවකෝ..

..ම්ම් ඇයි..

..දැන් මං ප්‍රාර්තනාව කරනවනේ..

..ඉතින් ..

..ඊට පස්සෙ මොකද වෙන්නේ..

..ඊට පස්සෙ කියලා කියන්නේ..

..ඔයාට මොකද වෙන්නේ..ඔයා ආපහු යනවා නේද..ඔයාගේ ලෝකෙට..

..නැතුව ඉතින් මට මෙහෙ නතර වෙන්න බෑනේ..

..ඇයි ඒ මෙහෙ ඉන්න බැරි..

..මං සුරදූතයෙක් නිසා..සුරදූතයන්ට මනුශ්‍ය ලෝකේ ඉන්න පුළුවන් කාලයක් තියෙනවා...ඊට වඩා හිටියොත් එයාලව විනාශ වෙනවා..

..කොච්චර කාලයක්ද ඉන්න පුළුවන් ..

..උපරිම අවුරුදු පහයි..ඊට වඩා බෑ..

..හ්ම්..ආපහු එහෙට ගිහින් ඔයා මොනාද කරන්න හිතන් ඉන්නේ..

..මොනා කරන්නද ඉතින් ඔහේ ඉන්නවා..

..ඇයි ඔහේ ඉන්නේ..ඔයාට යාලුවෝ එහෙම කවුරුත් නැද්ද..

..නෑ අනේ මට එහෙම කවුරුත් නෑ.. හිටියත් එයාලට හැමවෙලාවකම සුර ලෝකේ ඉන්නේ නෑ..ඒ හැමෝටම වගකීම් තියෙනවනේ..අවුරුදු එකසිය විසි පහක් නිදහසේ ඉන්න පුළුවන් එතනින් එහාට ඉතින් හැම කෙනෙක්ටම වගකීම් පැටවෙනවා..කොච්චර ද කියනවනම් මං ගෙදර අයව පවා දකින්නේ අවුරුද්දකට සැරයක් වගේ..ඒ නිසාම අපි අතරේ ඒ තරම් සමීප බැඳීමක් නෑ..මං හිතන්නේ ඔහේ ඉන්නවා කිව්වට ගියාට පස්සේ මටත් අනිත් අයට උදවු කරගෙන ඉතුරු ජීවිත කාලේ ගෙවලා දාන්න වෙයි...

🌈️AS YOUR WILL🌈️( Yizhan Short Ff ✔ )Where stories live. Discover now