<<Try thiss one>>

237 66 16
                                    



   

  ආයෙමත් ඇස්වලට දරාගන්න බැරි සුදු පාට එලියක්....ඇස් විතරක් නෙවේ..මුලු ඇගම සීතල වෙලා ගිහින් කැරකිල්ලක් දැනෙනවා වගේ හැගීමක්...ඒක නිකම් එකපාරටම කරවලා උසක් පලලක් නැති තනි සුදු අවකාශෙකට අතෑරියා වගෙයි මට දැනුනේ...එක තප්පරේකට ඇස්වලට සුදු පාට විතරක් අහු වෙලා හැමදේම නතර වෙලා වගේ දැනුනත් කීන් ගාපු කන් දෙක ඇතුලෙන් අමුතු අමුතු සද්ද ඇහෙන්න පටන් ගත්තා..මුලින්ම ඒ සද්ද මොනාද කියලා අදුනගන්න බැරි උනත් ටික වෙලාවකින් ඒක සෙනග ගොඩක කෑ ගැහීමක් කියලා තේරුනා ඒ එක්කම සුදු පාට අවකාශේ නැති වෙලා ගිහින් ටිකෙන් ටික ඉස්සරහා තියෙන දේ මට පෙනෙන්න ගත්තා..

..වන්ග් යීබෝ..

..වන්ග් යීබෝ..හ්..

..වන්ග් යීබෝ...

..අයි නී වන්ග් යීබෝ..

..වන්ග් යීබෝ යෝහ්...වන්ග් යීබෝ...

..ඔව්!! මේ එලැබෙන්නෙ ඔබ බලා සිටි මොහොතයි..මෙවරද සියලුම වාර්තා බිද දමමින් 2022 ආසියානු යතුරු පැදි ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ ව....න්..ග්....යී...බෝ...හ්...
සියලු දෙනාව එක් වී අපගේ ජයග්‍රාහකයාට අත්පොලොසන් නාදයක් එක් කරන්න.යෝ...හ්...

..වන්ග් යීබෝ..

..වන්ග් යීබෝ..වන්ග් යීබෝ..

..වෝ අයි නී වන්ග් යීබෝ ...යෝ..හ්...


  

  අමුතුවෙන් කියන්න දෙයක් නෑ දැනටමත් දන්නවා ඇතිනේ මේක බයික් රේස් කම්පිටිශන් එකක් කියලා...රේසින්ග් ග්‍රවුන්ඩ් එකේ හැමතැනම 85 ගහපු යීබෝගේ ලොකුම ලොකු ෆොටෝස් එල්ලිලා තියෙද්දි ඉඩක් හොයාගන්න බැරි තරමට පිරිලා හිටිය සෙනග එකම කටහඩකින් වන්ග් යීබෝ කියලා කෑ ගැහුවා...මේ වෙන කිසිම දෙයක් අදහා ගන්න බැරිව යීබෝ රේසිංග් කිට් එකක් ඇදන් කුසලානයක් අතේ තියාගෙන ස්ටේජ් එකක් උඩ නැගලා හිටියා..උනේ මොනාද කියලා අදහාගන්න බැරි ඇස්වලින් යීබෝ තමන් වටේ ඉන්න සෙනග කන්දරාව දිහා බලන් ඉද්දි මෙච්චර වෙලා අහසේ පාවෙන ගමන් හිටිය සීන් පොලොවට කකුල් නොතියාම යීබෝගේ කනට පාත් උනා...එයාගේ හුස්ම පාර වැදෙනවත් එක්කම යීබෝ ගැස්සිලා යද්දි සීන් දත් සේරම එලියේ දාන් හිනා උනා...

🌈️AS YOUR WILL🌈️( Yizhan Short Ff ✔ )Where stories live. Discover now