<<How about love>>

235 68 20
                                    






..ආදරේ කියන.හැගීම ලස්සනයි ද සීන්..

  ඇහෙන නෑහෙන ගානට යීබෝ අහපු ඒ වචන එක්ක සීන් ඇස් දෙක ලොකු කරන් බැලුවා..කොල්ලගේ කට බාගෙට ඇරිලත් එක්ක..යීබෝ ඇස් පිල්ලම් නොගහා උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නකොට මං ඉක්මනටම ගිහින් එයාලා දෙන්නා මැද ඉතුරු වෙලා තිබ්බ ඉඩෙන් මූන දැම්මා..කියන්න බෑනේ කොල්ලගේ කටට මැස්සෝ ගියොත්..

..ඔයා ඔය අහන්නේ.ආදරේ ගැනද යීබෝ..

..හ්ම්..ඔයා කාටහරි ආදරේ කරලා තියෙනවද..

  ඒ ප්‍රශ්නෙත් එක්ක සීන් කට පැත්තට ඇද කරලා අහක බලාගත්තා...

🎵..ආදරය කෙරුවාට පන ඇරගෙන
තනිවෙච්ච පෙම්වන්තයෙක් මං අද🎵

...මොකක්..ඒ කියන්නේ ඔයා ආදරේ කරලා තියෙනවද...මේ තමුසේ ඔය අඩනවද ඕයි..

යීබෝ ඇස් ලොකු කරන් මූනට එබෙද්දි සීන් ඇත්තටද බොරුවටද කියන්න දන්නෙ නෑ ඇස් දෙක පිහගත්තා..මං හිතන්නේ දූවිලි ගිහින් ඇති..

🎵..ආදරේ අහවරයි
මගෙ කදුලු සාධාරණයි..🎵

..ආ..ශ්..තේරෙන්න කියනවකෝ ඕයි..තමුසේ ආදරේ කරලා බූට් කාලාද ඉන්නේ..මට කියනවකෝ ආදරේ මොනවගේද කියලා..

🎵..ආදරේ zoom එකක්
මම ඩේටා කාඩ් එක
කෙල්ල කියන වෛරස් එකෙන්
මම වෙන්නම් මාස්ක් එක..
කාලේ කාපු වොච් එක
අතැරුනු කැච් එක
මිස් උනේ මැච් එක
ලිස්සනවා බං පිච් එක..🎵


   දුක් ගීයක් කියනවා වගේ සීන් පැත්තක් බලන් රැප් එකක් කියන් යද්දි යීබෝ ඉදන් හිටිය තැනින් නැගිට්ටා...කොල්ලගේ ඇස් දෙක රතු වෙලා..තරහා ගිහින් වගේ..ඔව් ඉතින් තරහා යන්නෙ නැද්ද තේරෙන බාශාවෙන් කියන්න කිව්වම තවත් පටලවලා රැප් එකක් කියනකොට..

..සීන් මං මේ අන්තිම පාරට අහන්නේ..විකාර නොකියා තේරෙන බාශාවෙන් අහපු දේට උත්තර දෙනවා..

  ඔන්න ඒ පාර නම් සීන් ඔලුව උස්සලා යීබෝ දිහා බැලුවා..සීන්ගේ මූන නම් මොකක්ද මන්දා වෙලා..

..අනේ මන්දා..හැමෝටම ආදරේ එක වගේ දැනෙන්නෙ නෑනේ ඉතින් ..

..ඒ කියන්නේ..

🌈️AS YOUR WILL🌈️( Yizhan Short Ff ✔ )Where stories live. Discover now