"ම්ම්ම් ඒමද? ඒත් පුදුමයි උබ එයාව දැකලා නෑ කිව්වම"

"ඒක තමයි බන්, එයා වැඩි සමාජ ආශ්රයක් නෑලු ඒකයි..."

"ම්ම්ම් හරි බන් ඒනම් මම සෙනසුරාදා දවල් එන්නම් එතෝට උබටයි මටයි උබේ හියුන්ග්ව බලාගන්න පුළුවන්නේහ්..😌"

"ඔව් ඔව් පුළුවන් පුළුවන්, ඕනෙනම් උබ සෙට් කරගනිම්...🌚😹"

"අනේ මේ කොටෝ තෝ මගෙන් අසභ්‍ය වචන අහගන්නේ නැතිව හිටාම්..."

"හාකෝ හාකෝ, අන්න අප්පා ආවා බන්..."

"ආහ්..."මමයි ජිමිනයි කාර් එක ගාවට ආවා, ඊට පස්සෙ එයා කාර් එකට නැග්ගා..

"ආහ් ටේහියුන්ග් පුතා කොහොමද?" පාර්ක් අන්කල් මගෙන් ඇහුවා..

"ආහ් හොඳින් ඉන්නවා අන්කල්..."

"ඉතින් පුතා ඔම්මට කොහොමද?"

"දැන් නම් අන්කල් ටිකක් අඩුයි, operation එක කරාම හොඳටම හොඳ වෙයි කිව්ව ඩොක්ටර්..."

"ආහ් ඒමද පුතා ඒක හොඳයි.. දැන් පුතා ගෙදරද යන්නේ?"

"හී..අනේ නෑ අන්කල් මම coffee shop එකට යන්න හදන්නේ.."

"ආහ් එහෙමද ඉතින් පුතත් නගින්න මම දාගෙන යන්නම්..."

"අයියො ඕනේ නෑ අන්කල්..."

"ටේ වරෙන්කො බන් එතනින් බහින්න පුළුවන්..."

"හ්ම්ම්..." මම කාර් එකේ දොර ඇරගෙන පිටි පස්සේ සීට් එකෙන් වාඩි වුනා..

"මම කාර් එකෙන් බැහැලා ජිමින්ටයි අන්කල්ටයි සමු දීලා coffee shop එක ගාවට ආවා..."

ආහ් විනාඩි 20ක් පරක්කුයි අදත් බැනුම් තමයි.. මටම කියා ගන්න ගමන් shop එක ඇතුලට ගියා..

" ස්..සර්..."මම කැෂියර් එක ලගට ගිහින් කතා කරා...

"ආහ් ටේහියුන්ග්, පරක්කුයි නේද අදත්..."

"අ..නේ සොරි සර්..."

"තමුන් හැමදාම පරක්කු වෙලා ඇවිත් සොරි කියනවා හැමදාම මෙතන වැඩ පාඩු වෙන්නේ මටයි.."

"අනේ සර් මම කැම්පස් එකේ ඉඳන් නේ එන්නේ ඒකයි ටිකක් පරක්කු වුනේ..."

"හ්ම්ම් හ්ම්ම් අදට විතරයි අනිත් දවසේ තමුන් පරක්කු වෙලා ආවොත් නම් කෙලින්ම අස් කරල දානවා..."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now