🌹බුදු අම්මෝ මේකිට තීන ප්‍රශ්න (සිංහලෙන්)
🏵️මොකක්
🌹ආ නෑ නෑ මම මෙහෙ ඉන්නේ අක්කා එක්ක. මට කොරියන් පුළුවන් ඉතින් ඔයා ඇයි තනියම ඉන්නේ යාලුවෝ එක්ක සෙල්ලම් නොකර.
🏵️ඒ මට යාලුවේ නැති නිසා. ඔයත් මෙහෙට අලුත් නිසා යාලුවෝ නැතිව ඇති නේ අපි දෙන්නා යාලුවෝ වෙමුද හාද හාද

   නලීගේ අතකුත් අල්ලන් කියපු ඈ නලීගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටින්නට වුනි.

🌹(කමක් නෑ මට යාලුවොත් නැති එකේ ) හා මම නලී එතෝට ඔයා ඔයාගේ පවුලේ විස්තර
🏵️ මම ලියා අපේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි අයියයි මල්ලියි. අයියනම් ඉන්නේ සෝල් වල.
මෙසේ ආරම්භ වූ ඔවුන්ගේ යාලුකම කාලය ගතවනවාත් සමග එක කුස උපන් සහෝදරියන් මෙන් විය.
===========================================
වසර 8කට පසු

ඔවුන් දැන් විසි හැවරදි ඉතා සුන්දර තරුණියන් වී ඇත
☎ 🌹හලෝ මොකද්ද අනේ අක්කා ඇයී අම්මට මොකද.
💐අඩන් නැතිව ඉන්නවා මෝඩියේ අම්මට මුකුත් වෙලා නෑ. ඒත් අම්මට මේ වෙලාවේ අම්ම ළග ඔයා ඉන්න ඕන. මට ආයේ කොරියාවට එන්න වෙනවා ඒ නිසා පුළුවන් ඉක්මනට ඔයා ලංකාවට එන්න.
🌹හරි අක්ක මං එන්නම්. මං එනකන් අම්මව බලාගන්න.

වසර 8ක් තම මවගෙන් ඈත් වී සිටි නලී නැවතත් තම රට කරා යාමට සූදානම් විය. නමුත් ඇයට එක වර මතක් වූයේ ඇගේ ප්‍රාණ  සම මිතුරී ලියාව.
🌹🥺(දැන් ලියාට මේක කියන්නේ කෝමද එයා ඇඩුවොත් මටත් ඇඩෙනවා ඒත් මම යන්නම ඕනිනේ. )

☎🏵️ හලෝ My girl මොකෝ මේ අද මාව මතක් වෙලා.
☎🌹මොකද්ද කිව්වේ.
☎🏵️ ඇයී මේ තරහ ගිහින්
☎🌹ඇයී යකෝ ඊයෙත් හවස 7 8 වෙනකන් ඇවිදල ඇවිදල. ගිහින් නිදාගන්න කලින් Gn ummma කියලත් කිව්වා. මතක් වෙලාද ඇහුවම කේන්ති යන් නැද්ද ඊරියේ.
☎🏵️හරි හරි ඉතින් ඔයාව අවුස්සන එක තමා සහෝදරී මගේ එකම සතුට.
☎🌹 අවුස්සන්න මං කුණු ගොඩක්ද.
🏵️ මෙච්චර කල් නොකිව්වෙ දුක හිතෙයි කියල. ඔයා ලග පොඩි ගදක් එනවා ඉතින්.🙊😂
🌹අනේ මැට්ටියේ  call එකක් ගත්තම විකාර කියවනෝනේ. මට කම්මැලී ඔයා free නම් park එක පැත්තේ යමුද.
🏵️හා  පැයෙන් එතන. ඉක්මනට වරෙන් හොදේ.
🌹හරි හරි මැට්ටී.

🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️

මේ දිනවල මුලු ලෝකේම ප්‍රසිද්ධියට පත් වූ කොරියානු සංගීත කණ්ඩායමක් වූ B7 කණ්ඩායමේ ගීතයක් Park එක ඉදිරියේ ඇති සුවිසල් තිරයේ විකාශනය විය.

I Love You Tooo || Complete ||Where stories live. Discover now