~~තාම හොස්පිට්ල් එකේ බන්.... ගියපු ගමන් ඉමර්ජන්සි එකට ගත්තා.... දරුනුවට තුවාල වෙලා නෑ කිව්වා.... හැබැයි තව ටිකක් එහෙ මෙහෙ උනානම් මීටවඩා දෙයක් වෙන්න තිබ්බා කියලා කිව්වා....
නෑ... මෙහෙට එනකොටත් සිහිය තිබ්බෙ නෑ....
නෑ දැන් නම් නිදි....
හ්ම්ම්ම්....
ඔව් බන්...අරූ තල්ලු කරපු පාරට තමා විසික් වෙලා ගිහින් බිම වැටුනේ..... මොන පිස්සෙක්ද මන්දා...ඇයි යකෝ කේන්ති ගියා කියලා ඔහොමත් හැසිරෙ~ ඒ මේ මන් පස්සෙ කෝල් එකක්ගන්නම්.. කෙල්ල ඇහැරෙනවද කොහෙද....
ඇස් දෙක ඇරපු ගමන් දරාගන්න අමාරු ලයිට් එලිය නිසා ආයෙත් තද කරල ඇස් දෙක වහගත්ත කෙල්ලගෙ අත ඔලුවට ගියේ දැනුන තද හිසරදය නිසා... එහෙමම තප්පර කීපයක් ඇස් වහන් හිටපු කෙල්ල,හිමින් ආයෙ ඇස් ඇරලා බැලුවෙ කෙල්ල දිහාට නැමිල ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න ජිමින් දිහා....
"ඔයාට දැන් කොහොමද?"
.
.
.
.
"මට නැගිටින්නොන..."අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න වද නොවුනු කෙල්ල ජිමින්ගෙ උදව්වෙන්ම නැගිටලා ඇදගැට්ටට හේත්තු උනා. එහෙම්මම ආයෙත් ඇස් පියාගෙන කල්පනා කලේ මොකක්ද උනේ කියලා.....
උදේ තමන් යුනිවර්සිටි ගිය හැටි, හවස ලෙක්චර්ස් වල හිටපු හැටි ,ඒ ඉවර වෙලා කැෆිටේරියා එකට ආපු හැටි ,එතනදි ජන්කුක් ගහගන්නවා දැකපු හැටි, තමන් එයාව නවත්තන්න උත්සහ කල හැටි වගේම අන්තිමට තමන්ගෙ හොදම යාලුවා කිසි හේතුවක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ට අත උස්සපු හැටිත් කෙල්ලට මතක් උනා.... කෙල්ලට දැනුනෙ ලොකු දුකක්... ජන්කුක් කියන්නෙ තමන්ගෙම සහෝදරයා විදිහටයි කෙල්ල සැලකුවෙ... ජන්කුක් උනත් කෙල්ල තමන්ගෙම සහෝදරී වගෙයි බලාගත්තෙ... එහෙම කෙනා අද මුලු කොලේජ් එකක් ඉස්සරහා තමන්ට කිසිම හේතුවක් නැතුව අත ඉස්සුවා.... කවදාවත් කිසිම දෙයක් නිසා කෙල්ලගෙ මූනට හිනාවක් මිස කදුලක් නොගෙනාපු ජන්කුක් අද කෙල්ලගෙ නලලෙන් ලේ ගලන්න සැලැස්සුවා....කෙල්ලගෙ වරදක් නැතුවම... තවමත් ඇත්තටම වෙච්ච දේ හිතින් පිලිගන්න කෙල්ල සූදානම් නෑ... ඒනිසයි කෙල්ල වටපිට බැලුවෙ ජන්කුක් කොහෙද බලන්න... Han Eul හිත යටින් විශ්වාස කලා මොන දේ සිද්ද වුනත් තමන්ව හොස්පිට්ල් එක්කන් එන්න ඇත්තෙ ජන්කුක් කියලා.... කෙල්ලට සිහි නැති වෙන වෙලාවෙ ලග හිටියෙ ජිමින් බව තමන්ගෙ මතකය තමන්ට කිව්වත් දැනටත් තමන් එක්ක ඉන්නෙ ජිමින් බව ඇස් දෙකට දැක්කත් සිද්දිය වෙන වෙලාවෙ ජන්කුක් තමන් දිහා නිකමටවත් හැරිලා නොබැලුව බව තේරුනත් කෙල්ල හෙව්වෙ ජන්කුක්ව....
![](https://img.wattpad.com/cover/313770162-288-k457610.jpg)
YOU ARE READING
SMERALDO
FanfictionThe wounds of my broken heart Just only get deeper... More I run towards you More the wounds get deeper.... Now,I can' t take it anymore So I decided to stop in the middle I'm sorry........I'm tired I'm sorry .......I can't endure it anymore I'm...