Chapter 3 - What Happened?

28 1 1
                                    

අත් දෙකේ වැලමිට ගාවට වෙනකම් ශර්ට් එක උඩට නවලා පොඩි බෑන්ඩ් එකකින්  මූනට වැටෙන  කොන්ඩෙත් අල්ලලා බැදගෙන කොල්ලා කඩිසර ව පිගන් කෝප්ප ටික හෝදනවා. අද university  එකේ හවස lectures නිසා කොල්ලා resturant එකේ උදේ shift  එකේ වැඩ . අද Jimin ත් එයාගේ hyung  එක්ක අම්මලා බලන්න බූසාන් ගිහින් නිසා Taehyung  ට එයාගේ ඇගේ කොටසක් නෑ වගේ. හැමවෙලේම කච කච ගගා කොල්ලට බාල්දී වැට්ටුවත් Jimin  කොල්ලගේ ජීවීතේ ලොකු හයියක්.

Jimin  වගේ ම කොල්ලට තවත් සමීප කෙනෙක් උනෙක් රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා Kim Seokjin . කාලයත් එක්කම කොල්ල  ට jin ව දැනුනේ තමන්ගේ ම පවුලේ කෙනෙක් වගේ . දැන් කොල්ලට Jin එයාගේ ම hyung . දැන් resturant එකේ වැඩ කරන එක කොල්ලට තව දුරටත් පිට තැනක් නෙමේ. ඒකයි කොල්ලා පුලුවන් හැම වෙලාවට resturant එකේ වැඩට එන්නෙ.

සමහර බැදීම් තීනවා ලේවලින් නොබැදුනත් ලේ බැදීමකටත් වඩා ඝනකම්...... ඒ වගේ ම ලේ වලින් බැදුනත් සහෝදර සහෝදරයෝ මරාගන්න කාලයක ඇත්ත බැදීම් හොයාගන්නත් හරී අමාරුයි .... Taehyung  ට නොතේරුනාට නොදැනුනාට කොල්ලා වාසනාවන්ත යි.... අනිත් අයට නොලැබෙන ජාතියේ යාලුකමක් කොල්ලට jiminගෙන් ලැබුනා වගේ ම ලේ බැදීමක් නැතත් සහෝදරයෙක් විදියට Jin hyung  ව හම්බුනා. තමන්ගේ වාසියට විතරක් ඉන්න යාලුකම් ,සහෝදරකම් අතරේ කොල්ලාට ලේ බැදීමක් නැතුව ජිමින් ව වගේ ම ජින්ව හම්බුනේ ආත්මගත බැදීමකට වෙන්න ඇති ; 

ඒ අතින් Taehyung  වාසනාවන්ත නැද්ද ????? ඇයි ඒත් වෙනස් කරන්න බැරි දෙයක් ගැන හිත හිත කොල්ලා දුක් විදින්නෙ ??? අනිත් අයට නැති තමන් ට ලැබිලා තීන දේවල් ගැන හිතලා සතුටු වෙලා ජීවීතේට මුහුන දෙන්නේ නැත්තේ ඇයි ????? මොක ද ඒකයි මිනිස්සුන්ගේ හැටී. මිනිස්සු හරී කැමතී හිනා වෙන්න හේතු දාහක් තිබ්බත් දුක් වෙන්න තියෙන එක ම කාරණයක් තියෙනවා ඒක ගැන හිත හිත දුක් වෙන්න. ඒක හැමෝටම පොදුයි. ඉතින් හැමදාම අතරේ හිනාවෙලා ඉන්න තරම් Taehyung  පරිනත වෙලා නැතුව ඇති තාම ?????

"අද Jimin  කෝ Tae "

"ආ Jimin  එයාගේ hyung  එක්ක busan ගියා Jin hyung  "
 
"මේ කොටා මට කිව්වෙත් නෑනේ "

"එයාට කියන්න අමතක වෙන්න ඇති hyung   ඇරත් Jimin ට මේලෝක දේක සිහියක් නැහැනේ."

SMERALDO Where stories live. Discover now