Chapter 28 ( End? no.. no... this is a new beginning )

Start from the beginning
                                    

"මොකද ලමයිනේ මේ කෑ ගහන්නේ!!!"

ටේහ්‍යුන්ගෙ මූනෙ තිබුනෙ ඇත්තටම කලකිරුනු ස්වභාවයක්. ඔව් ජිමින් එක්ක යුන්ගිත් ජින් එක්ක නම්ජුනුත් කිම් මැන්ශන් එකේ හැමදාටම ඉන්නවා. හරියටම කිව්වොත් ඇල්ෆා කිම්ගෙ ලූනා එක දිගට අඩන්න ගත්තු නිසා ඇල්ෆා කිම්ට අසරණ වෙලා ඒ තීරනේ ගන්න උනා ජංකුක්ව නිතරම බලාගත්තෙ ජින් නිසා ජංකුකයි ජිනුයි ගොඩක් කිට්ටු වෙලා තිබුනා.. තමන්ගෙ කමරේට වගේම කාටත් වඩා තමන්ට හොදින් ඇහෙන සද්ද නිසා ටේහ්‍යුන්ග් ඇත්තටම කලකිරිල හිටියා එතකොට ජංකුක් ටේහ්‍යුන්ගෙ මූන දිහා බලන් සද්දෙන් හිනා උනා

"ඇයි එයා මෙච්චර සද්දෙ?  අපිට හම්බෙන්න ඕන ඇල්ෆා වොයිස් එකක් වැරදිලා මනුස්සයෙක් උන එයාට හම්බෙලා වගේ සද්දෙයිනෙ ජිමිනුත් එයාටම හරියනවා
අනික කොහෙන් ගියත් මගෙන් ඉවර කරන්නෙ ඇයි එයා..හ්!!"

"හියොන් වැඩිය ජින් හියුන් එක්ක කතා කරලා සාමාන්‍ය විදිහට ඉන්නෑනෙ ඉතින් එයාට කේන්තී... ඒකයි"

ජංකුක් කියනකොට අහන් හිටපු ටේහ්‍යුන්ග් හිනා වෙලා ජංකුක්ව උස්සගත්තා ඒත් වොශ්රූම් එකට යන්න අඩියක් විතර තියෙනකොට අතට තෙත ගතියක් දැනුන ටේහ්‍යුන්ග් එහෙම්මම ජංකුක්ගෙ මූන දිහා බලද්දි ජංකුක්ගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා

"ජින් හ්‍යුන්ග්!!!!"





















"ආආආහ්...."
ජංකුක්ගෙ කෑ කැගිල්ල ඇහුනම ටේහ්‍යුන්ග් කාමරේ ඉස්සර එහාට මෙහාට වේගෙන් ඇවිදින්න ගත්තා ඒ වගේම යුන්ගි ටේහ්‍යුන්ගෙ කාමරේ දොර ලගටම වෙලා දොර ඇරිය ගමන් ඇතුලට පයින්න බලාගෙන හිටියා
මිසිස් මින් මිසිස් පාර්ක් මිස්ට පාර්ක් ඇල්ෆා දේහ්‍යුන්ග්නුත් වගේම නම්ජූනුත් හිටියෙ කාමරේ ඉස්සර නොසන්සුන් කමින් එහාට මෙහාට යන ටේහ්‍යුන්ග් දිහා බලාගෙන

"සංසුන් වෙන්න පුතා.."

"ජි-ජිමින් මන් ඇතුලට එන්නද"

"කී පාරක් කිව්වද මනසින් සම්බන්ධ වෙලා වද දෙන්න එපා කියල !!!"

ජිමින් හයියෙන්ම කිව්වම ටේහ්‍යුන්ග් එක තැන නතර උනා... ටික වෙලාවකින් කාමරේ දොර ඇරුනම හැමෝටම කලින් යුන්ගි ඇතුලට ගියා ටේහ්‍යුන්ග් දැක්කා ජංකුක්ගෙ මූන දාඩියෙන් පෙගිලා රතු වෙලා තිබුනත් ඒ බෝල ඇස් හිනා වෙනවා  ටේහ්‍යුන්ග් හිමින් ජංකුක් ලගටම ලං වෙලා එහා පැත්ත බැලුවම දැක්කා බේබි බ්ලූ කලර් රෙදි වල ඔතලා ඉන්න බබාලා දෙන්නෙකුත්, ඇස් ලොකු කරන් සතුටෙන් බබාලා ලගටම වෙලා ඉන්න ලොකු ඇල්ෆා කෙනෙකුත්
ටේහ්‍යුන්ගෙ ඇස් වල කදුලු පිරෙන්න ගත්තම ජංකුක් අමාරුවෙන් ඉස්සිලා ටේහ්‍යුන්ග් නලලින් හාදුවක් තිබ්බා

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now