chapter 2 ( grojus and alpha kim)

2.2K 328 14
                                    

kim teahyung
Blue moon pack head alpha
28 years old

"බොස් ඇල්ෆා අපි දැන් යන්න ඕනි... වෙලාව හරි"

ටේහ්‍යුන්ග්... කිම් ටේහ්‍යුන්ග් ඒ ඔහුයි.
බලවත්ම පැක් එකේ බලවත්ම ටෘබ්ලඩ් ඇල්ෆා. මේ තරම් කාලයකට හිටපු, ඉන්න නපුරුම, භයානකම ඒ වගේම ආකර්ෂණීම, කඩවසම්ම ටෘබ්ලඩ් ඇල්ෆා.

දැනට අවුරුදු පහක ඉදල ගාම්බීර ඇල්ෆා කිම් ගේ දිනපතා පුරුද්ද වෙලා තිබ්බෙ අන්ධකාරයෙන් පිරිල ඉතිරිල තියෙන මහා රූස්ස ගස් වලින් වැහිච්ච ග්‍රොජ්ස් වනාන්තරයේ දිරා යන ලී බංකුවට වෙලා වනාන්තරයේ තියෙන අදුරු ගුප්ත බව තුල අතරමං වෙන එක (ලස්සන මිහිරි හීනයක්වගේ මතකයන් වල වගේම, මරණීය වෙදානාවක් ගෙන දෙන මතකයන් වල අතරමං වෙන එක)

"බොස් ඇල්ෆා...?"
ගාම්බීර ඇල්ෆා කිම් ගේ ප්‍රධාන සේවකය වගේම ආරක්ෂකයා වූ ශින් ආයම වතාවක් කතා කලා.
ඒත් ඇල්ෆා කිම් ඇහිපිල්ලමක්වත් නොගහ තවමත් අදුරු වනාන්තරය දිහා බලාගෙන හිටිය.

වූ ශින් ඒ ඇස් දිහා බැලුව, නෑ..... බැලුනා. වූ ශින්ට දැනුන ඒ රතු ඇස් වල එයාගෙ ඇස් ගැටෙන් මොහෙතම දනහිස් වලට තමන්ගෙ බර දරන්න අමාරුයි වගේ වෙව්ලනව.වූ ශින්ට ඕන උනා ඒ ඇස් වල හැගීම් කියවන්න. ඒත්,

" තමුන් තව එක තප්පරයක් පුලුවන් නම් මගෙ ඇස් දිහා බලා ඉන්නව. මන් දිව්රනව එහෙනම් උබේ පන තියෙන අන්තිම තප්පරේ ඒ තප්පරේ වෙයි"

ඒ ගැඹුරු ගොරෝසු කටහඩ ඇහෙන කොට වූ ශින් ගැස්සුණා. තවත් කෙලින් හිටගෙන ඉන්න බෑ කියල දැනෙනකොට වූ ශින්ගෙ දණහිස් ඒ මොහොහෙතම තිබ්බෙ පොළව මත වගේම ඔළුව බිමට හරවගෙන ඇස් හැරිල තිබ්බෙත් පොළව මතට.

ඇල්ෆා කිම් හිනා වුණා. මුළු අඳුරු ග්‍රොජ්ස් වනාන්තරයේම දෝංකාර දෙන්න හිනා උනා..... වියරු හිනාවක්.
වූ ශින්ට ඔහුටත් පිටුපසින් හිටපු අනිත් ආරක්ෂකයින්ට දැනුනෙ එකම දෙයයි 'ඇල්ෆා කිම් යක්ෂයෙක් වගේ'
හැමදාම හිතුන විදිහටම.

"නැගිටිනව වූ ශින්, අපි යන්න ඕනි"
කට කොනේ හිනාවක් තියාගෙන කියපු ඇල්ෆා කිම් අඳුරු ග්‍රොජ්ස් දිහා නැවත එක පාරක් බලලා ඇහිපිය ගහල හැරිල ගියාම වූ ශින් ඒ පිටිපස්සෙන් දිව්වා..

ඒ තියුණු ඇස් මේ වෙනකම් රක්ත වර්ණයෙන් දිලිසුණත් දැන් ඒ ඇස් කළුම කැලු පාටයි, අඳුරුයි, කිසිම දෙයක් ඒ ඇස් වලින් පිටට පේන්නෑ වගේම ඒ ඇස් අතරමං කරවන සුළුයි. හරියට අඳුරු රහස් හංගගෙන ඉන්න ග්‍රොජ්ස් වනාන්තරය වගේම.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Grojus 👆 imagin like this)Bye 💚💜️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Grojus 👆 imagin like this)
Bye 💚💜️

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now