ᴄʜᴀᴘᴛᴇʀ ᴠɪ

71 17 4
                                    

Emma's pov

එරික් මාව එක්කගෙන ගියේ ඒ මන්දිරයේ සාලයට. වාව්.. මම හිතුවේ මේක පිටතින් වගේම ඇතුළතිනුත් මහ මූසල පෙනුමක් තියේවි කියලා.. ඒත් මේක මාර ලස්සනයි නේ යකෝ. අපි නැවතිලා හිටිය හෝටලයටත් වඩා ගති. මට හැමදාම මෙහේ ඉන්න තිබ්බනම් කියලත් හිතුනා. සැක් මොනාද මන් මේ හිතන්නේ!? තමන්ගෙ ලේ කොයිමහරි වෙලාවක උරාගෙන බොන්න බලන් ඉන්න නන්නාදුනන වැම්පයරයෙක් එක්ක තනියම, නාදුනන පළාතක, පාලු බංගලාවක ඉන්න කෙල්ලෙක්ට මේ වෙලාවෙ හිතෙන්න ඕන දේවල්ද දෙයියනේ මන් මේ හිතන්නේ. මම එකපාරටම එරික් දිහා බැලුවේ එයාගේ බැල්ම මගේ දිහාට හුග වෙලාවක් තිස්සේ රැදිලා තියෙනවා වගේ දැනුන නිසා. මාව දැකපු ගමන් කට කොනින් පොඩි හිනාවක් ඇදගත්ත එරික් අහක බලාගත්තා. ඒ මොහොතෙම විදුලි වේගයෙන් එතනින් ගිය එරික් ඇහිපිල්ලන් ගහනවටත් වඩා වේගෙකින් එතනට ආවේ බ්ලැන්කට් එකකුත් අතේ තියාගෙන.

"මෙතනින් වාඩිවෙන්න," කියලා මාව සෝෆා එකෙන් වාඩි කරපු එයා මාව බ්ලැන්කට් එකෙන් පෙරෙව්වේ, "සීතලත් ඇතිනේ මේක පෙරවගන්න.. මන් ඉක්මනටම කෝපි හදාගෙන එන්නම්." කියලා පුංචි හිනාවකින් මට සංග්‍රහ කරන ගමන්.

"අනේ මට නම් මේ දේවල් හරිම අමුතුයි වගේ." මම එයා එතනින් කුස්සිය පැත්තට අතුරුදහන් වුණ දිහා බලාගෙන කල්පනා කලා. මුලු ජීවිත කාලෙටම මගේ අයියා ඇරෙන්න වෙන කිසිම පිරිමි කෙනෙක්ව මම ලගින් ආශ්‍රය කරලා නෑ. පිරිමි කෙනෙක්ගේ කියලා මෙච්චර කාලෙකට අයියගෙ ආදරේ විතරක් ලැබුනු මට මේ දේවල් පුරුදු නැහැ කොහොමටවත්. මම මේ හැගීමට අලුත්.. ඒත් කවදාවත් ඒ වගේ ආදරයක් නොලැබුනු, නොවිදපු මම ආස කලා මේ සැලකිලිවලට, කරුණාවන්තකමට.. මට තවත් විදින්න ඕන වුණා මේ හැගීම.. මට එක වෙලාවකට හිතුනේ මේක මගේ නිකම්ම නිකම් හීනයක් විතරක් ද කියලා.. එහෙම වුනත් මට ඕන උනේ නෑ මේ හීනෙන් ඇහැරෙන්න, මම බය වුණා මේ ලස්සන් හීනෙන් ඇහැරෙන්න..

එයා කෝපි කෝප්ප දෙකකුත් අතේ තියාගෙන මන් දිහාවට එනවා මන් බලන් හිටියේ හරිම ආදරෙන්.. මන් දන්නේ නෑ මට මේ වෙන්නේ මොකක්ද කියලා, මේ හැගීම මොකක්ද කියලා, ඒත් මන් ආසයි ඒ හැගීමට. මට එරික්ව හමුවුනේ ටික වෙලාවකට කලින් උනත් මට දැනුනේ හරියට මන් කල්ප ගානක් තිස්සේ එයාව දන්නවා වගේ...

My Vampire Prince | A trip to Transylvania ✔Where stories live. Discover now