Chapter 15 :_🥀_:

315 85 5
                                    

"හියුන්ගී"

ජන්කුක්ට ඇහුනේ එයාගෙ මුලු ආත්මෙම සුවපත් කරන්න පුලුවන් කෙනාගෙ කටහඩ.එයාගෙ හැමදේම නේද ඒ?

"ඒ-ඒන්ජල්"

ජන්කුක් Phone එක කනේ තියාගෙනම හයියෙන් අඩන්න ගත්තා.

"කුකී හියුන්ගී අනේ අඬන්න එපා.අනේ ඔන්න එහෙනම් ඔයාගේ ඒන්ජලුත් අඩනවා හරිද?"

Flashback...

මේ වෙනකොටත් ලීසා ජන්කුක්ගේ වෙඩින් එක ගැන යුන්ගිට කෝල් කරල කියල තිබුනා.එයා ස්පීකර් ඔන් කරලා කතා කරපු නිසා ටේහ්‍යුන්ට ඒක හොදටම ඇහුනා.අතේ තිබුන කොෆී ප්ලේට් එක බිම අත ඇරෙද්දි ටේ බිමට වැටෙන්න ගියත් නම්ජුන් ඉක්මන් වෙලා ටේව අල්ල ගත්තා.එයාගෙ ඇස් දෙකෙන් කදුලු ගලන් ගියේ කිසිම ආයාසයකින් තොරව.ටේහ්‍යුන් දැනන් හිටියා මේ දවස කවදමහරි එයා ඉස්සරහට එනවා කියලා.ඒත් ඒක මෙච්චර ඉක්මනට එයා බලාපොරොත්තු වුනේ නෑ.ඒත් හිත හයිය කරගත්ත ටේහ්‍යුන් යුන්ගිගේ Phone එකෙන් ජන්කුක්ට කතා කලා.

Flashback End...

"කුකී හියුන්ගී අනේ අඬන්න එපා.අනේ ඔන්න එහෙනම් ඔයාගේ ඒන්ජලුත් අඩනවා හරිද?"

ජන්කුක්ගේ ඇඩීම තවත් වැඩිවුනා.ජන්කුක් මෙහෙම දුර්වල කෙනෙක් නෙමේ.ඒත් එයාගේ ඒන්ජල් එයාට නැතිවෙනවා කියන්නෙ එයාට කිසිම විදිහකට දරා ගන්න පුලුවන් දෙයක් නෙමේ.

"නෑ මගේ ඒන්ජල් අඬන්න එපා.ඔන්න කුකී හියුන්ග් අඬන්නෙ නෑ.ඔන්න දැන් හරි"

ජන්කුක් ටේට බොරු කිව්වා.

"හියුන්ග් මං දන්නවා වුන දේ,මං දැනන් හිටියා මේ දවස කවදහරි අපිට මුණ ගැහෙනවා කියලා.මං දන්නෙ නෑ මට ඔයා නැතුව ඉන්න පුලුවන් ද කියලා.ඒත් හියුන්ග් දැන් ඔයාට ටේරාව බාරගන්න වෙනව. මගේ කුකී හියුන්ග් ශක්තිමත් වෙන්න.ඔයා ඇත්තට මුහුණ දෙන්න හියුන්ග්.දන්නවද? මේ දවස් කිහිපය තමා මගේ ජීවිතේ ලස්සනම දවස්.මගේ ආදරේ,මගේ නපුරු කුමාරයා මාව අමතක කරන්න.සතුටින් ඉන්න හියුන්ග්."

ටේහ්‍යුන් ඇඩෙන්න ආවාත් ඒක අමාරුවෙන් නවත්තගත්තා.

"නෑ නෑ ඔයාට ඒක කරන්න බෑ.මගේ එන්ජල් ව විතරයි මට ඕනි.මට බෑ.මං ආදරෙයි මැණික.අමතක කරන්නෙ කොහොමද දෙයියනේ.මං-මට ඔයාව ඕනි ටේ.බෑ මාව දාල යන්න එපා.මං මැරෙනවා.බෑ මගේ ඒන්ජල් ඇරෙන්න වෙන කිසි කෙනෙක්ව මට ඕනි නෑ.මං හැමදාම ඉල්ලුවේ ඔයාව විතරමයි දැන් ඔයා මගෙන් යන්න අහනවා.බෑ ටේහ්‍යුන් මාව පිස්සෙක් වෙයි.මෙයාල මට කරදර කරනවා ටේ.මට බයයි.මාව ඔයා ගාවට ගන්න.නැත්තම් මං මැරෙනවා."

Unexpected Love 🥀 (Taekook) COMPLETED Where stories live. Discover now