Chapter 10 :_🥀_:

356 87 4
                                    

"ඇත්තටමද හියුන්ග්? "

ඒ ටේහ්‍යුන්.

"ම්ම් ඔව් මං දන්නෙ නෑ මං ඔයාට කොයි තරම් ආදරෙයි ද කියල? ඔයා මට ආදරෙයි ද කියලවත් මං දන්නෙ නෑ ටේ.ඔයාට සල්ලි නෑ,දෙමව්පියෝ නෑ ඒ කිසි දෙයක් මට ප්‍රශ්න නෙමේ ටේ බෙයා.ඒත්  මං දැනටමත් ඉන්නේ කසාදෙක පැටලිලා.ඒ ටේරා එක්ක.ඔයා එයාව දන්නවා ඇති.එයා මගේ සහෝදරියක් වගේ. මං දන්නෙ නෑ අප්පා ඇයි මෙහෙම නිතරම මගෙ ජීවිතේට ඇගිලි ගහන්නෙ කියල.කරන්න දෙයක් නෑ ටේහ්‍යුන් මේක මට ලැබුනු දේ.සල්ලි තිබුනට හිතේ නිදහස නැත්තම් ඒ කෙනා කවදාවත් පොහොසතෙක් නෙමේ හරියට මං වගේ.ඉතින් ඔයා කැමති තීරණයක් ගන්න මැණික.කලින් කිව්වට ඔයාට මාව දාල යන්න වෙනව නම් කමක් නෑ මොකද ඔයාගෙ සතුට විතරයි මට ඕනි."

ජන්කුක් කිව්වෙ බිම බලාගෙන.

"ඉතින් ඔයා ටේරාට කැමතිද?"

ටේහ්‍යුන් ඇහුවේ ඕනෙවට එපාවට.

"ම්හූ නෑ මැණික.මගේ හිතේ ඉඩ තියන්නෙ මගේ ඒන්ජල් ටේහ්‍යුන් ට විතරමයි."

"එහෙනම් මං ඒ ඉඩ අල්ල ගන්නද හියුන්ග්."

ටේහ්‍යුන් ඇහුවේ බලාපොරොත්තු පිරුනු ඇස් දෙකකින්.ඔව් ටේහ්‍යුන්ට හොරාම එයාගෙ හිත මේ නපුරු කුමාරයා පස්සෙ දුවලා.ජන්කුක්ගේ රැවුම්,ගෙරවුම් එයාට හැමදාම අහන්න තිබුනා නම් කියල හිතුන අවස්ථා නොතිබුනා නෙමේ.ජන්කුක්ගෙන් දැනෙන ඒ ආරක්ශාව ටේහ්‍යුන් ව උණුසුම් කලා.එයා ඒකට ආස කලා.ටේහ්‍යුන් දැන් මුරණ්ඩු වෙලා.ආයෙමත් වතාවක් එයාව රැවටෙයි,පැරදෙයි කියල හැගීමක් එයා තුල තිබ්බෙ නෑ.එයාට දැණුනේ තව දුරටත් එයාගෙ නපුරු කුමාරයා එයා එක්ක ඉන්නවා,එයාව නපුරෙන් ආරක්ශා කරනවා කියන එක විතරයි.

"බ්-බෙයා"

ජන්කුක් ටේහ්‍යුන්ගේ ඒ ප්‍රශ්නය නිසා හිටියේ අවුල් වෙලා.

"මං ඒ ඉඩ අල්ල ගන්නද හියුන්ග්.හියුන්ග්ගේ ඒන්ජල් වෙලා හැමදාම ඉන්නද? මට ආයේ නපුරු විදිහට බනිනවද ? මාව ආරක්ශා කරනවා නේද? මාව රවට්ටන්නෙ නෑ නේ නේද? මං පරාද වෙයිද හියුන්ග් ? මගේ නපුරු කුමාරයා වෙනවද හියුන්ග්? ටේරා නිසා ඔයාගේ ටේව අතාරිනවද නපුරු කුමාරයෝ? මං වගේම මටත් හියුන්ග් ආදරෙයි නේද ?"

ටේහ්‍යුන් ගේ ප්‍රශ්න ජන්කුක්ව පිස්සු වැට්ටුවා.මේක නෙමේද එයා හොයපු දේ.එයාගෙ ඒන්ජල් එයාගෙම වෙන්න අහනවා.

"ඔය ඇත්තටම ද ඒන්ජල්......ඔයා මට කැමති ද මැණික?"

"ම්ම්ම්ම් නෑ මං කැමති නෑ"

ටේ කිව්වේ දගකාර සිනහවක් සමග.ජන්කුක් පත්වුනේ දැඩි කනස්සල්ලකට.

"මං හිතන්නෙ ඒක ඊට වඩා දෙයක් හියුන්ග්.ඒක ජිමිනී එක්ක ඉන්නකොට දැනෙනවට වඩා වෙනස් දෙයක්.ඒකට නම් ආදරය කියන්නෙ මං ඔයාට ගොඩක් ආදරෙයි හියුන්ග්.ඔයාගෙ ඒන්ජල්ට ආදරෙයි නේද හියුන්ග්?"

"ඔ-ඔව් මගේ මැණික.කාටත් වඩා ඒන්ජල් තමා හියුන්ග් ගේ පලවෙනිම දේ.සරංනේහ් ටේහ්‍යුන්."

ජන්කුක් ටේහ්‍යුන්ව තදින් බදාගත්තේ මුලු ලෝකයක්ම ලැබුනා වගේ හැගීමකින්.ඔව් ඒ ජන්කුක්ගේ ලෝකේ.ඒත් හැමදේම ඒ තරම් සුන්දර නෑ නේද? ඒ හැම සතුටුදායක මොහොතකම අග තියන්නෙ දුකක් විතරයි.අනාගතය කොහොම වෙයිද?

After four days...

එදා ජිමින් සතියකට පස්සේ ආපහු කොලේජ් ආපු දවස.ජිමින්,ටේහ්‍යුන් ගැනවත් ජන්කුක් ගැනවත් කිසි දෙයක් දන්නෙ නෑ.ටේහ්‍යුන් වුනත් මොකුත් නොකිය හිටියේ ජිමින් මේකට අනිවාර්යයෙන් අකමැති කියල දන්න නිසා.ඒත් මේක හැමදාම හංගන්න බෑ නේ.ඒ එයාලගේ interval එක.හැමෝම හිටියේ කැෆේටේරියා එකේ.ටේහ්‍යුන්,ජිමින් දෙන්නගෙ මේසෙට මේස දෙක තුනක් එහායින් BangTan ල එක්ක ජීසු වාඩිවෙලා හිටියා.ඒ හොබී ගාව.මේ ටේබල් එකේ දෙන්නෙක්ගෙම ඇස් තිබුනේ ටේහ්‍යුන් ලාගේ ටේබල් එක ගාව.
එක්කෙනෙක් ටේහ්‍යුන් ව ඇස් දෙකෙන් රස විදිද්දි අනික් කෙනා ජිමින් ගේ බෝල,පිරුනු ලස්සන තොල් දිහා බලන් හිටියා.ඒ වෙන කවුරුත් නෙමේ යුන්ගි.එයා මේ ජිමින් කියන ගම්මිරිස් ඇටේට ඇබ්බැහි වෙලා.එදා එයා ජිමින්ට අත උස්සපු එකට දහ දහස් වතාවක්ම එයාගෙන්ම සමාව ඉල්ල ගත්තා.මේ හැමදෙයක්ම වෙන අතරේ ජන්කුක් එක පාරට එයාලා හිටපු ටේබල් එකට නැග්ගේ හැමෝගෙම අවධානේ අරගෙන.

Hello!!
Good morning my dear friends!!
Can I have your attention please ?

හැමෝම බලන් හිටියේ ජන්කුක් කියන්න යන දේ ගැන.

____________________________________
Hey Roses,
ජන්කුක් මොනා කියාවිද? අද නම් අනිවාර්යයෙන් කමෙන්ට් ඕනි.නැත්තම් තරායි හරිද හුම්ම්ම් 😌😑

Bye 💜️
Will meet you with next chapter 🍃🍷
Saranghaeo ♥️
Stay safe 🥀🌏


Dreamy Meg 🌈️

Unexpected Love 🥀 (Taekook) COMPLETED Where stories live. Discover now