"නවත්තන්න ඕක."
ජන්කුක් ලගේ වැඩ දන්න නිසාම මෙච්චර වෙලා පැත්තක් ඉදන් බලන් හිටපු හොබීයත් ගැස්සුනා ඒ සද්දෙට.
ඒ වෙන කවුරුත් නෙමේ
ටේහ්‍යුන්."මගේ චිමීට ගහන්න එපා.අපි මොකද්ද ඔයාලට කලේ ආ.ඔව් මං සෝයූන් ගෙන් කැමත්ත ඇහුවා දැන් ඒක වැරදිද ? ඒක මගේ ආදරේ.තමුන්ලට ඒකෙන් වැඩක් නෑ නේ.ඔව් මං හිගන්නෙක්.කන්නවත් සල්ලි නැති ලැජ්ජ නැති හිගන්නෙක් දැන් හරිනේ.ප්‍රශ්නෙ තියන්නෙ මා එක්ක නම් ඒක මං එක්ක කතා කරන්න මගේ චිමීට වචනයක් වත් කියන්න එපා.එන්න යමු ජිමින්."
ජිමින්වත් ඇදගෙන ලෙක්චර් හෝල් එකේ එයාලගෙ තැනින් ඉදගත්ත ටේ පොතක් පෙරලගෙන කියවන්න ගත්තා.ජිමින් තාමත් හිටියේ ටේ ට ඒ වචන කොහෙන්ද ආවේ කියල හිතා ගන්න බැරුව.ජන්කුක් ගේ තත්වේ මීට වඩා නරකයි.එයා හිටියේ ගල් ගැහිලා.වෙන එකක් තියා යුන්ගිත් හිටියේ බය වෙලා.
නම්ජුන් හා හොබී ජන්කුක් ට කතා කලාමයි එයා හරි සිහියට ආවේ.
"අපි යමු නම්ජුන්"
මේකෙන් පුදුම වුනේ අනිත් තුන්දෙනා.මොකද ජන්කුක් කියන්නෙ එයාට විරුද්ධව කතා කරපු කිසි කෙනෙක්ට ලේසියෙන් බේරෙන්න ඉඩ දුන්න කෙනෙක් නෙමේ.ඒත් මෙතනදි ඒක වෙනස්.ඒ මොකද කියන්න ජන්කුක් වත් දැනන් හිටියේ නෑ.
After School
"ටේ පොඩ්ඩක් ඉන්න."
"ඔව් කියන්න චිමී."
"මේක ගන්න."
ජිමින් කිව්වෙ ටේගෙ අතේ මුදල් ටිකක් තබමින්.
"ඇයි මේ චිමී මට එපා."
"මං දන්නවා දැන් ඔයා යන්නෙ කැෆේ එකටනේ.අද වැඩට යන්න එපා.මේක ගන්නකෝ.ඔයා අද රෙස්ට් කරන්න."
"අහ් අනියෝ මොනාද මේ චිමී ආ මං හොදින් ඔයාගේ ටේ බෙයා ගොඩාක් ස්ට්‍රෝන්ග්.ඔයා දන්නවනේ."
"මං දන්නවා ඒත් ඔය තරම් මහන්සි වෙන්න එපා ටේ.ඔයා ලෙඩ වුනොත් මට දුකයි නේ."
"මං දන්න්වා චිම්.ඔයා මං ගැන හිතනවා.ඒත් මේ තරම් ඔයාට වද දෙන්න මට බෑ.ඔයා,ආන්ටි,අංකල් මේ හැමෝම මට මගේම පවුල වගේ.ඒත් මට පුලුවන් දේවත් තනියෙන් නොකර ඔයාලගෙන් බලාපොරොත්තු වෙන එක වැරදි දෙයක්."
YOU ARE READING
Unexpected Love 🥀 (Taekook) COMPLETED
Teen Fictionඅහම්බය,මං ඒකට ගොඩාක් ආදරෙයි.ඇයි දන්නවද?💜️ ඒක මගේ ජීවිතයම ලස්සන කරන්න හරිම කෙනා මට පෙන්නලා දුන්නා.💕