"ම්ම්ම් එහෙමද සොරි බන් ඉස්සෙල්ලා කෑ ගැහුවට එහෙනම් මම ගෙදර යනවා..."

"අනේ සොරි කියන්නේ මොකටද මමනේ උබව රස්තියාදු කෙරෙව්වේ හ්ම්ම් පරිස්සමින් ගෙදර පලයන් ගිහින් කෝල් එකක් ගනින්..."

"ම්ම්ම් හරි බන් බායි...."

...............

අම්මො ඇති යාන්තම් ශේප් උනා, හෙට ගිහින් වෙච්චි සිද්ධිය කිව්වම මූ මාව කයිද දන්නෙත් නෑ...🥴

15minutes later...

මම වොෂ් එකක් දාගෙන කුස්සියට ආවේ ඔම්මට කන්න මොනා හරි හදන්න...

මොනාද හදන්නේ🤔 සුප් එකක් හැදුවා නම් හරි.. ඔම්මගෙ ඇගටත් හොඳයි නේ, මම ෆ්‍ර්රිජ් එකෙන් එළවළු ටිකක් අරගෙන හෝදලා කපන්න ගත්තා...

"ක්...කවුද කුස්සියේ..." එක පාරට මට ඇහුනේ ඔම්මගෙ කටහඩ, අයියො එයා බයවෙලාද කොහෙද...

"ඔම්මා මම ටේ ඔයා නැගිට්ටද?..." මම එළවළු කපන එක පැත්තකින් තියලා ගියේ ඔම්මා ඉන්න තැනට....

"අයියො ඔම්මා බය වුණාද?"

"ඔව් පුතා, ඇයි පුතා රෑ වුණේ එන්න..."

"ආහ් ඔම්මා මම අද යාලුවෙක්ගෙ ගෙදර ගියා, ඔම්මට කියන්නවත් බැරි වුණා මට..."

"ආහ් පුතා එහෙමද කමක් නෑ..."

"ඔම්මා ඔහොම ඉන්නකො මම සුප් එක හදාගෙන එන්නම්..."

"හ්ම්ම් පුතා?.."

"ඕ ඔම්මා..."

"පුතා කවද්ද ඔහොම මහන්සි වෙන එක නතර කරන්නේ..."

"අ...ආ ඔම්මා හොඳ වෙච්චි දවසක තමයි..."

"අනේ පුතා මම නිසා ඔයා ඔහොම මහන්සි වෙන්න එපා. මම මේ ලෙඩේ හොඳ උනත් තව පොඩි කාලයයිනේ ඉන්නේ.."

"අනේ ඔම්මා ආපහු ඔහොම කියන්න එපා, මම මට පුළුවන් උපරිමෙන් කරලා ඔම්මාව සනීප කරගන්නවා.."

"ඒත් පුතා....."

"ආහ් ඔම්මා මට ඩොක්ටර් කෙනෙක් හම්බුනා එයා මගේම හියුන්ග් වගේ හරිම හොඳයි. එයා කිව්වා ඔයාව එක්කගෙන එන්න කියලා හොස්පිට්ල් එකට එයා ඔම්මව චෙක් කරන්නම් කියලා..."

"ආහ් එහෙමද පුතා..."

"ඔව් ඔම්මා මම එක්කගෙන යන්නම් ඔයාව අනිවාර්යයෙන්ම..."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now