"අහකට යනවා. එන්නෙපා ළඟට." මං සැරෙන් කිව්වම මූන හකුල ගත්ත එයා එහාට වුනා. මං දැක්කා ඒ ඇස් වල කඳුලු පිරෙනවා. දැන් නම් මං පසුතැවුනා ඒ කරපු දේට. ඒත් මෙච්චර දවස් මාව මගඇරපු එකට එයාටත් දඬුවමක් ඕනෙ.

අඬලා නිසා රතු වෙලා තිබ්බ චූටි නහයයි, රෝස පාට වෙලා තිබුනු කම්මුලුයි, උල් වෙලා තිබ්බ ඒ තොලුයි දැක්කම මට ඕන වුනෙ එයාව අල්ලලා මිරිකන්න, ඒ තොල් කිස් කරලා මූනට හිනාවක් ගේන්න. හහ්! ඒත් මං හිතුවක්කාරයි. මින්ජුන් එක්ක හිටියට තව ටිකක් ඔහොම මූන එල්ලන් හිටපුවාවෙ.

ඒත් දෙයියනේ ඒකෙනුත් දුක් විඳින්නෙ මං නේද? හොඳ වෙලාවට මට හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා (කියලා හිතනවා.) ඉස්සරහට මෙයිට වඩා මට කන්ට්‍රෝල් වෙන්න වෙයි.

Third person's POV

"අහකට යනවා. එන්නෙපා ළඟට." ටේහ්‍යුන්ගේ කිව්වම ජන්ග්කුක් මූන හකුළ ගත්තා.

"හ්-හියුන්ගී~ අත රිදෙනවද?" ජන්ග්කුක් ඇහුවා.

"හහ්? මොකටද අහන්නෙ? අර මින්ජුන්වනෙ ලොකු වෙලා හිටියේ. යනවා, ගිහින් ඌ ගැන බලනවා." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ගේ කඳුලු ආයිත් අලුත් වුනා.

"ස්-සොරි මේට්."

"ආ දැන්ද මතක් උනේ මං තමුන්ගෙ මේට් කියලා?" ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ගේ කම්මුල් දිගේ කඳුලු වැලක් ගලාගෙන ගියා.

"කෝ හියුන් මට ඔයාගෙ අත දෙන්න." ජන්ග්කුක් කිව්වේ ටේහ්‍යුන්ට ළං වෙමින්.

"එ-ඒ මොකටද?"

"මං ඔයාගෙ තුවාලෙ ලෙව කන්නම්, එතකොට ඉක්මනට සනීප වෙයි." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් එයා දිහා බැලුවේ අප්පිරියාවෙන්.

"ඈක්කා මොකක්? ආයිශ්, තාම තමුසෙගෙ පිස්සුව හොඳ නැද්ද ආ?" ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් හුරතල් විදිහට එයාට රැව්වා. ඒත් ආයිත් එයාගෙ මූන දුකින් බර වුනා. ටේහ්‍යුන් නම් මේ වෙලාවෙ හිටියේ ජන්ග්කුක්ගේ මූනෙ ඉරියව් වෙනස් වෙන විදිහ බලලා විනෝද වෙමින්.

"I'm sorry මේට්. ම-මං නිසයි ඔයාට මෙහෙම දෙයක් උනේ. ප්ලීස් මට සමාව දෙන්න." ජන්ග්කුක් කිව්වා.

My Human 🐺❤️ || Taekook (Complete)Where stories live. Discover now