"ඒ-ඒත්"

"Listen Taehyung,ඔයා හිතනවා ඇති මේ කොලේජ් එකේ අනික් කෙල්ලො වගේ මාත් නපුරු ඇති කියල.එහෙම නෑ ටේ.මට ඇත්තටම ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා ඒ කායි.ඔයාට පුදුම ඇති නේද? එයත් පෝසත් කෙනෙක් නෙමේ තමා.ඒත් එයා මට වගේම මාත් එයාට ඇත්තටම ආදරෙයි.ඔයාට සල්ලි තිබ්බ නොතිබ්බ එක මට ප්‍රශ්නයක් නෙමේ.ඒක මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න මං කියපු එකම එක බොරු හේතුවක් විතරයි.ඉතින් ටේ මම නෙමේ ඔයාට ගැලපෙන කෙනා.එයාම දවසක් ඔයාගෙ ඉස්සරහට එයි.සමාවෙන්න කලින් කෑ ගැහුවට.මම එහෙම කරන්න හිතුවේ නෑ.මං යනවා."

සෝයූන් ටේගේ අතට තට්ටුවක් දාල යන්න ගියේ ටේගේ මුලු ලෝකෙම කඩා වට්ටලා.ඒ ටේහ්‍යුන් ගේ පලවෙනිම ආදරේ.ඒක පාර්ශ්වික ආදරේ.එයා පලවෙනි වතාවෙම ප්‍රතිකේෂ්ප වුනා.එයාට හිත හදාගන්න පුලුවන් එකම එක හේතුවයි තිබ්බේ.ඒ සෝයූන් කායි එක්ක සතුටින් කියල.එයා ඒ වෙලාවෙ හිතුවෙත් සෝයූන් ගේ සතුටම විතරයි.

ටේ ඇස් දෙකෙන් ගලා ගෙන ගිය කදුලු පිහිදාගෙන යන්න ගියේ ඊලගට ලෙක්චර්ස් පටන් ගන්න නිසා.ජිමින්,ටේගේ soulmate.ටේට ඕනි හැමවෙලේම එයාගෙ ශක්තිය ජිමින්.මේ වෙලාවෙත් ජිමින් එයාගෙ ඉස්සරහට දුවගෙන ආවේ ටේ පිහිදාගත්ත ඇස් වල ආයෙම කදුලු පිරිලා තියෙනවා දැකපු නිසා.

"ටේටේ"

ජිමින් කිසිම දෙයක් නොඅහා ටේව බදාගත්තේ එයාට දැන්ටම වුන දේ තේරුම් ගන්න පුලුවන් වුන නිසා.

"කමක් නෑ ටේ.ඒක අමතක කරන්න.හරිද?"

"චිමි,එයාට වෙන කෙනෙක් ඉන්නවා චිමී.කමක් නෑ එයා ගොඩාක් සතුටින් ඉන්නෙ.මගේ සෝයුනා ගොඩාක් සතුටින්.ඒ හොදටම ඇති."

ජිමින් ට තමන්ගේ යාලුවා ගැන ගොඩාක් දුක හිතුන.මොකද ටේ සෝයූන් ට කොච්චර කැමැත්තෙන්,ආදරෙන් හිටියද කියල දන්නෙ ජිමින් විතරයි.

"මං ඒක අමතක කලා ජිමින්.මේ බලන්න ඔයාගේ ටේටේ සතුටින්.බලන්නකො අනී."

ටේ දන්නවා තම්න්ගේ කදුලු කියන්නෙ ජිමින් ගේ weak point එක කියල.එ නිසාම ටේ තමන්ගේ කදුලු හංගගෙන හිනා වුනා.හරි ලස්සනට.

ටේ මේ දෙවල් කරන්නෙ තමන්ගෙ ගිත හදන්න කියල ටේගේ ආත්මීය මිතුරා විදිහට ජිමින් හොදටම දන්නවා.ඒත් එයත් මූනට හිනාවක් නගාගත්තේ ටේගෙ හිත කඩන්න බැරි නිසා.

"අපෝ චිමී ඇඩුවත් එක්කද? යාහ් මං මෙච්චර කල් ඉදල තියන්නෙ අඩන බබෙක් එක්කනේ.කෝ යන් මට ස්ට්‍රෝබරි මිල්ක්ශේක් එකක් අරන් දෙන්න ඕනි ඔයා අද ?"

ටේ ඉනටත් අත තියාගෙන කටත් උල් කරන් ජිමින්ට බනින්න ගත්තේ බොරු තරහකින්.අද නම් මිල්ක්ශේක් නොදී බේරෙන්න බෑ කියල දන්න නිසාම ජිමින් ටේවත් ඇදන් කැෆෙටේරියා එකට ගියා.

මේ හැමදේම එක්කෙනෙක්ට ඇස් රතු වෙන විහිලුවක් වුනා.

No one Pov.

"අඬන්න එපා මැණික.ඔයාගෙ කදුලු තරම් මට කිසි දෙයක් රිදෙන්නෙ නෑ ."

____________________________________
Hey Roses,
ඔන්න පලවෙනි චැප්ටර් එක දැම්මා.Short එකක් තමා.සොරි ඒකට.ඔයාලගෙ අදහස් කියන්න යන්න.Thank you....




Dreamy Meg 🌈️

Unexpected Love 🥀 (Taekook) COMPLETED Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα