15 💚❤️

428 74 9
                                    

Yibo's Pov

"ශූයැන්ග් පුතා කෝ යීබෝ"

"ආන්ටි යීබෝ කාමරේට ගියා"

"හරි දරුවො මම බලන්නම්...මේක බොන්න"

"පුතා යීබෝ මෙ දොර අරින්න"

"මමා එන්න ඇතුලට"

සෝෆා එකේ වාඩිවෙලා හිටපු මම දොර ඇරියේ මමා කතා කරපු නිසා...

"ඇයි පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද"

"හ්ම්ම්  ජාන් මැරි කරන්න හදන්නෙ මමා"

"කාවද...කවද්ද"

"අනිද්දා...අම්මට මම කිවෙ එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා කියලා එයාව තමා මැරි කරන්නේ...ඉතින් ජාන් කියනවා මටත් වෙඩින් එකට එන්නලු"

" ඔයා යනවද දරුවො"

"මම දන්නෙ නෑ මමා...මම කොහොමද මමා යන්නේ...මම කොහොමද බලන් ඉන්නේ ජාන් මින්ව මැරි කරනවා"

"කෝ එන්න මගෙ ලගට"

මමාගෙන් උකුලෙන් ඔලුව තියාගත්ත මම එයා දිහා බලන් හිටියෙ එයා කියන්න හදන්නෙ වැදගත් දෙයක් කියලා තේරුන නිසා...මොකද එහෙම උනාම තමා එයා මට උකුලෙන් ඔලුව තියාගන්න කියන්නෙ...

"ඔයා යන්න පුතේ...ගිහින් එයාගෙ අනාගතේට සුභ පතලා එන්න...ඒක තමා ඔයාට ජාන් පුතා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ වගේම එකම දේ...ඔයාට දුකයි තමා ඒත් දවසක මේ දේ වෙනවා කියලා දැනගෙන නේද හිටියේ...ඔයා හැමදේම අමතක කරලා හිත හදාගෙන නේද ආවේ...ගිහින් එන්න පුතේ..."

"මමා යමුද මාත් එක්ක"

"මට එන්න බෑ දරුවො ඔයා යන්න ශුයැන්ග් එක්ක..."

"හ්ම්ම්...එහෙනම් මම ශූයාට කියලා එන්නම් ලෑස්ති වෙන්න කියලා හෙට යන්න"

අම්මගෙ කම්මුලට කිස් එකක් දීපු මම පහලට ආවේ හෙට ඇමරිකා යන්න ලෑස්ති වෙන්න කියන්න...ශූයාටම ටිකට් බුක් කරන්න කියපු මම ඉස්සරහට එන්න තියෙන ඩ්‍රාමා දෙකක ස්ක්‍රිප්ට් බලන්න ගත්තේ යන්න කලින් රගපාන්න කැමතිද නැද්ද කියලා කියන එක හොදයි කියලා හිතුන නිස...

Zhan's Pov

"යීබො එනවා නේද කීවද මල්ලි"

යීබෝගෙයි ජාන්ගෙයි කතාව අහගෙන හිටපු ඩිලන් එහෙම අහනකොට ජාන්ගෙ මූණට ලස්සන හිනාවක් ආවා...

HIDDEN LOVE (Love In The Heart 02)Tempat cerita menjadi hidup. Temukan sekarang