13 💚❤️

422 76 2
                                    

Yibo's Pov

"බොබෝ...නැගිටින්න දැන් ඩොක්ටර් එයි ඔයාව බලන්න...ඊට කලින් අපි වොශ් දාමු"

"ම්හුක්...තව චූටි වෙලාවකින් වොශ් දාමු බනී"

"බෑ බෑ දැනටම පරක්කුයි...ඉක්මනට නැගිටින්න"

"ඔයානම් වෙලාවකට ඇනයක් බනියො...යමු ඉතින්😒"

රෑ ජාන් ශූයාව හම්බෙලා එනකම් බලන් හිටපු මම ඇහැරුනේ උදේ ජාන් මාව ඇහැරවනකොට...තුවාල තෙමෙන්නෙ නැති වෙන්න පරිස්සමෙන් මාව වොශ් කරපු බනී මගෙ ඇදුමුත් මාරු කරලා ආයෙම මාව ඇදට එක්කන් ආවා...

"ආ මම බැලුවා ජෝඩුව පැනලා ගියාද කියලා"

"ගුඩ්මෝනින් ශූයා...පිස්සුද බන් කොහෙ පැනලා යන්නද අපි"

"මෙන්න ජාන් කෑම ගෙනාව කාලා ඉන්න"

"තෑන්ක්‍යූ ශූයැන්ග් මම ටිකකින් කන්නම්...බෝ එන්න මම මේ සුප් එක පොවන්නම්"

ඊයේ ඉදන් හරියට කෑමක් තිබුනෙ නැති නිසා සුප් එකම බීපු මම ඩොක්ටර් එනකම් බලන් ඉන්නෙ ඉක්මනට ගෙදර යන්නද අහන්න...ජාන් එක්ක ඉන්න  එක සතුටක් උනත් ආයෙම එයාව දාලා යන්න බැරි වෙයි කියලා බය හිතුන නිසාම මට ඕන උනේ ඉක්මනට මෙහෙන් යන්න...

"බනී ඔයාටත් මහන්සිනෙ දැන් ඔයා ගෙදර යන්න"

"කමක් නෑ බෝ මම ඉන්නම්"

"ඔව් ජාන් ඔයා ඉන්නෙත් ඊයේ ඇදුමෙන්මනේ...මම යීබෝ ලග ඉන්නම් ඔයා ගෙදර ගිහින් වොශ් එකක් එහෙම දාලා වැඩ ඉවර උනාම හවස එන්න"

"හ්ම්ම් එහෙනම් මම ගිහින් ඉක්මනට එන්නම්...මොනා හරි ඕනනම් ශූයැන්ග් මට කෝල් එකක් දෙන්න..."
"බෝ මම දවල් එන්නම් පරිස්සමෙන් ඉන්න..."
"ශූයැන්ග් මෙයාගෙ බෙහෙත් ටික තව ටිකකින් දෙන්න"

"හරි ජාන් ඔයා ගිහින් එන්න"

ජාන් යනකන් බලන් හිටපු මම හැරුනේ ශූයැන්ග් පැත්තට...ජාන්ගෙන් ඊයේ රෑ අහන්න බැරි උන දේ දැන්වත් දැනගන්නකම් මට තිබුනේ මාරම හදිස්සියක්...

"ශූයා මට උබෙන් දෙයක් අහන්න ඕන"

"අම්මෝ මුගේ මූන...හරි හරි අහපන්...උබේ මූනෙන් නම් පේන්නෙ සීරියස් දෙයක් වගේ"

HIDDEN LOVE (Love In The Heart 02)Where stories live. Discover now