09 💚❤

415 79 3
                                    

Yibo's Pov

"මහන්සි බන්...ඉක්මනට නාගෙන හොද නින්දක් දාන්න ඕන"

"හ්ම් එහෙනම් ටිකක් නිදාගනිම්කො මම පොඩි ගමනක් ගිහින් එන්නම්"

"මේ ආව ගමන් ආය කොහෙද යන්නෙ"

"යන්නෙ මට කසාදයක් කරගන්න...මම එනකම් මෙතන ඉදපන්"

"හා හා යන මගුලක ගිහින් ඉක්මනට වරෙන්...මම නාගෙන එන්නම්"

ශූයා ඉද්දිම බාත්රූම් එකට ආව මම හොදට නාගත්තා...මම බාත්රූම් එකෙන් එලියට එද්දිත් ශූයා ගිහිල්ලා හිටපු නිසා මට විතරක් කෑම ඕඩර් කරා...
කෑමත් කාලා පොඩ්ඩක් නිදාගන්න ආව මම ඇහැරුනේ පැය හතරකට පස්සේ...නැගිටලා එලියට ආව මම කෝල් එකක් අරන් බැලුවේ ශූයා තාම ඇවිත් නැති නිසා...

"දොර ලගද බන් හිටියේ"

"ඔව් ඒකයි කෝල් එක ආන්සර් කරේ නැත්තේ...ලෑස්ති වෙයන් ගමනක් යන්න"

"කොහෙද"

"හැමදේම කිය කිය ඉන්ට බෑ යමන්කො"

ශූයාගෙ වදේ නිසාම එලියට ආව යන තැනක් නොදැන ඔහේ බලාගෙන හිටියා...පැයකින් විතර නොදන්න තැනක  කාර් එක නවත්තපු ඌ මගෙ අතිනුත් ඇදගෙන දුවගෙන ගියා...

Zhan's Pov

"ජාන් මල්ලි පොඩ්ඩක් එන්නකො"

"ඇයි අයියේ"

"මේකයි අපිට පොඩි ප්‍රශ්නයක් වෙලා...පොඩි කීවට ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක්"

"ඇයි අයියේ මොකද උනේ"

"අපිට හෙට ෆොටෝ ශූට් එකක් තියෙනවා...ඒකට අපි මින් අයියා එක්ක තව බෝයි කෙනෙක්ව තමා අරන් හිටියේ...ඒ බෝයි හදිස්සියේ අසනීප වෙලා...ඉතින් මේ හදිස්සියේ අපිට ඒකට කෙනෙක් හොයාගන්න නැ"

"මගෙන් මොනවද අයියේ වෙන්න ඕන"

"ඔයාට පුලුවන්ද හෙට අර බෝයි වෙනුවට අපෙ ශූට් එකට එන්න"

"අනේ අයියේ මම කොහොමද එහෙම...අනික මට එහෙම ෆොටෝ ශූට් වලට ඉදලා පුරුද්දකුත් නැනෙ"

"අයියෝ ලමයෝ ඔයා කොච්චර ෆොටෝ ශූට්ස් කරලා තියෙනවද...අනික නොදන්න කෙනෙක් නෙමේ මින් අයියා එක්කනේ...ප්ලිස් කැමති වෙන්න මල්ලි ලොකු උදව්වක් මල්ලි"

HIDDEN LOVE (Love In The Heart 02)Where stories live. Discover now