01 💚❤️

803 101 4
                                    

No One Pov

"ශූයන්ග් පුතා එන්න ඇතුළට..."

"ආන්ටි යීබෝ රූම් එකේ නේද..."

"එයා ඉතින් ඒකෙන් එලියට එන්නෙ නෑනෙ පුතා...ගිහින් බලන්නකො"

"යීබෝ සතියක් තිස්සෙ රූම් එකටම වෙලා ඉන්නෙ ඇයි ආන්ටි...ආන්ටිවත් ඒ ගැන මොකුත් දන්නෙ නැද්ද..."

කිසිම කෙනෙක් හම්බවෙන්නෙ නැතුව,කා එක්කවත් කතා කරන්නෙ නැතුව සතියක් තිස්සෙ යීබෝ කාමරේටම වෙලා ඉන්න එක ශුයැන්ග්ට ප්‍රශ්නයක් උනා...

"මම ලොකු විස්තරයක් දන්නෙ නෑ දරුවෝ...ඒත් එයා මෙහෙම ඉන්න හේතුව ජාන් පුතා කියලා විතරයි මම දන්නේ"

"ජාන්...කවුද ජාන් කියන්නෙ"

"ඒක ඔයා යීබෝගෙන්ම අහගන්නකො දරුවො...අන්න රූම් එකේ ඉන්නවා..."

"හරි ආන්ටි මම බලන්නම්..."

යීබෝගෙ අම්මට සමුදුන්න ශුයැන්ග්  උඩු මහලට ආවේ යීබෝගෙ කාමරේට යන්න...ඒත් කාමරේ ඇතුලෙන් වෙන කෙනෙක්ගෙ කට හඩක් ඇහුන නිසා ශූයැන්ග් දොර ලගට වෙලා අහගෙන හිටියා...

"කෙල්ලෙක්ගෙ කටහඩක්...යීබෝගෙ රූම් එකේ..." එහෙම හිතමින්ම දොරට තට්ටු කරේ ඒ කෙල්ල කවුද කියලා බලාගන්න...

"යීබෝ ඉන්නවද..."

ශූයැන්ග් එහෙම ඇහුවේ යැංසිගෙන්...ශූයැන්ග්ගේ කකුල් දෙකේ ඉදන් ඔලුවට යනකන් බැල්මක් දාපු යැංසි දොර ඇරලා ඇතුලට එන්න කීවා...

"යීබෝ මචං මේ මම ශූයැන්ග්"

"මිස් මට ටිකක් යීබෝ එක්ක තනියම කතා කරන්න ඕන..."

ශූයැන්ග් දිහාත් යීබෝ දිහත් මාරුවෙන් මාරුවට බලපු යැංසි කාමරෙන් එලියට ගියේ ශූයැන්ගට රවාගෙන...

"පුහ් එයාගෙ රැස් බලපීයවුකෝ...කවුද යීබෝ ඒ...ඒකි මොකද උබගෙ රූම් එකේ කරන්නේ..."

ශූයැන්ග් මොනවා ඇහුවත් යීබෝ හිටියේ කලින් දවස් වල වගේම නිශ්ශබ්දව...

"ආ ඒවා වැඩක් නෑ...මම ආවේ වැදගත් දෙයක් කියන්න බන්...අපිට උබගෙ කන්ට්‍රැක්ට් සයින් කරන්නත් තියෙනවා යීබෝ...මම  දන්නෙ නෑ උබ මෙහෙම කාමරේකට වෙලා තනියම ඉන්න හේතුව මොකක්ද කියලා...ඒ ගැන මම අහන්නෙත් නෑ...මොකද මම උබව අදුරගෙන තව සතියක්වත් නැති නිසා...ඒ කොහොම උනත් බන් උබ මහන්සියෙන් ආව ගමන මගදි නවත්තන්න හදන්න එපා බන්...මම මේ උබට මැනේජර් විදියට නෙමෙ උබගේ යාලුවෙක් විදියට කියන්නෙ...උබ මේ තැනට එන්න ගොඩක් මහන්සි උනා කියලා උබගෙ මමා කීවා...ප්‍රශ්න ජීවිත වලට එනවා බන්...ප්‍රශ්න ආවම ජීවිතේ මගින් නවත්තලා හරියන්නෙ නෑ  අපි ප්‍රශ්න වලට මූන දෙන්න ඕන...මහන්සියෙන් ලගට ගත්ත උබෙ හීනේ නැති කරගන්න එපා යීබෝ...උබ මාර ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්...මෙහෙම නාස්ති වෙන්න එපා බන්...මම කියනවටම නෙමෙ උබ ටිකක් හිතලා බලපන්...උබ තීරනයක් අරන් පහලට වරෙන්...මොකද ඒ කම්පැනි එකත් එක්ක ඇග්‍රිමන්ට් සයින් කරන්න තියෙන අවසාම දවස අද...මම හිතනවා උබ හොද තීරනයක් ගනි කියලා..."

HIDDEN LOVE (Love In The Heart 02)Where stories live. Discover now