08 💚❤

403 86 4
                                    

Yibo's Pov

"කොහෙද බන් උදේ පාන්දර ගියේ...මම මේ යන්න ඇදුමුත් ලෑස්ති කරා"

උදේ නැගිටිද්දි ශූයා හිටියෙ නැති නිසා මම තරහෙන් හිටියේ වෙලාවට යන්න බැරි වෙයි කියලා...

"මම ගියේ උනගෙ වැඩකටම තමා"

"මගෙ වැඩකට...කියපන් මොකක්ද ඒ වැඩේ"

"මෙන්න කොල්ලෝ උබගෙ ප්‍රේමවන්තයා ගැන සියලූම තොරතුරු මම හොයාගෙන ආවා"

"අඩේ ඇත්තමද මචං"

"උබ දන්නවනෙ මේ ශූයැන්ග් ගැන...ඔන්න බලහම්"

"හ්ම්ම්ම්...එහෙනම් ලෑස්ති වෙයම් යමන් ස්ටූඩියෝ එකට"

"අඩෝ මේ දැන්...ෆ්ලයිට් එකට යන්න ඕන නේද"

"අනේ මේ මගෙන් මොකුත් නාහා වරෙන් යන්න"

ශූයාවත් ඇදගෙන කාර් එකට ආව මම කෙලින්ම ආවේ ජාන්ගෙ ස්ටූඩියෝ එකට....

Zhan's Pov

"සොන් මොකද මනුස්සයෝ කරන්නෙ ඉක්මනට එනවකො"

"පොඩ්ඩක් පරක්කු උනා සොරි ඉතින්"

"අද නම් තියෙන්නෙ පොඩි වැඩ ටිකක් නේද...ඉක්මනට ඒ ටික ඉවර කරලා ගෙදර යමු මගෙ ඇගට හරි නෑ වගේ"

"හරි...ඩිලන් අයියා මට කීව ඔයා ගැන කොහොමත් බලාගන්න කියලා"

"මාව බලාගන්න මරු කෙනාට කියලා තියෙන්නේ...මට තමයි මෙයාව බලාගන්න වෙන්නෙ"

කතාවෙන් කතාවෙන් ස්ටූඩියෝ එකට ආව අපි වැඩ පටන් ගත්තා...

"Excuse me...මිස්ටර් ජාන් ඉන්නවද"

"ආ...මේ ජාන් අයියා නෑනේ"

"සොන් මෙන්න මේ වැඩේ පුලුවන් ඉක්මනට...ය්...යීබෝ"

ඔෆිස් රූම් එකේ ඉදන් එලියට ආව මම යීබෝ ස්ටූඩියෝ එකේ දොර ලග හිටගෙන ඉන්නවා දැක්කම බය උනා වගේම පුදුම උනා...

"මේ ඉන්නෙ නෑ කියපු ජාන්...යාලුවා බොරුමයි කියන්නෙ නේද යීබෝ"

ශූයැන්ග් සොන් ලගට යද්දි සොන් බය වෙලා ඉන්නවා දැකපු මම එයාව මගෙ ලගට ඇදලා ගත්තා...යීබෝ කොහොමද මෙතන දන්නේ කියලා හිත හිත ඉද්දිම එයා ඇවිත් මගෙ අත තද කරලා අල්ලගත්‍තා...

HIDDEN LOVE (Love In The Heart 02)Where stories live. Discover now