ටික වෙලාවකින් ජන්ග්කුක් ගවුමත් ඇදන් ආවම මීරා ලයිට් මේකප් එකක් ජන්ග්කුක්ගේ මූනට දැම්මා..දැනටමත් ජන්ග්කුක්ගේ කොන්ඩේ ටිකක් වැවිලා නිසා ජන්ග්කුක් ගවුමත් ඇදලා ආවම මීරාට පවා හිතාගන්න බැරි උනා..මිහිපිට සුරදූතියක් වගේ..ඒ තරම්ම ජන්ග්කුක් ලස්සනයි..

සුදු පාට අත් දිග ගවුම..බෙල්ල ලගට දිග කොන්ඩේ..චබි මූන..දිලිසෙන බෝල ඇස්..රෝස පාට දිලිසෙන තොල්..රතු උන කම්මුල් එක්ක දකින ඕනම කෙනෙක්ට ජන්ග්කුක්ව බදාගන්න තරම් ආස හිතෙන තරම් ජන්ග්කුක් ලස්සනයි..ඉටි රූපයක් වගේ..මීරා පවා ඒ ලස්සනට වශී වෙලා හිටියේ..

🌹 කුමරුනි..ඔබ ඇත්තටම දෙවගනක් වගේ..

මීරා එහෙම කියලා පහලට ගියාම ජන්ග්කුක් තවත් රතු උනා..මීරා පහලට ගිහින් ටේහ්‍යුන්ට කියලා ගියාම ටේහ්‍යුන් අඩියට දෙකට ආවේ එයාගේ සුරංගනාවිව බලන්න..

🐯 වාහ්..බනි...ඔ..ඔයා මාරම ලස්සනයි..

කන්නාඩියෙන් තමන්ගේ රූපෙ බලාගෙන ඉන්න ජන්ග්කුක්ගේ පිටිපස්සෙන් බදාගෙන බඩ අතගාන ගමන් ටේහ්‍යුන් කතා කරනකොට ටේහ්‍යුන්ගේ හුස්ම ජන්ග්කුක්ගේ බෙල්ලෙ වදිනකොට ජන්ග්කුක් පීච් ගෙඩියක් වගේ රතු උනා..

🐯 ඔහොම රතු වෙන්න එපා බනි..මට කන්න හිතෙනවා..
දැන් නම් ඔයාව එතනට අරන් යන්නත් බයයි..

🐰 වේ ??

🐯 මන් ආස නෑ මගේ දේවල් කවුරුත් කෙල හලාගෙන බලන් ඉන්නවාට..

ටේහ්‍යුන් එහෙම කියලා ජන්ග්කුක්ගේ කොන්ඩේ ටිකක් එහාට කරලා ජන්ග්කුක්ගේ බෙල්ලේ තොල් තිබ්බා..ටේහ්‍යුන්ගේ සීතල තොල් ජන්ග්කුක්ගේ බෙල්ලේ වදිනකොට දැනෙන හැගීම නිසාම ජන්ග්කුක්ට හිමීට කෙදිරි ගෑවුනා..

🐰 ආහ්..හබී..මොකද කරන්නේ...
අපි යන්න ඕන...ආහ්...

🐯 මන් බනී මගේ විතරමයි කියලා පෙන්නන්න හදනවා..

🐰 ආහ්...ඒකට හයිකි ඕන නෑ...
මගේ බන්ඩිය දැක්කාම හැමෝම දන්නවා මන් හබීගෙ බනී විතරයි කියලා..

ජන්ග්කුක් මොනවා කිව්වාත් ටේහ්‍යුන් නෙමෙයි ඒවා ගානකට ගත්තේ..එයා එයාගෙ වැඩේ දිගටම කරගෙන ගියා..බෙල්ල පුරාම ටේහ්‍යුන්ගේ තොල් යවලා ඒවා අන්තිමට නතර උනේ ජන්ග්කුක්ගේ රෝසපාට තොල් මත..විනාඩි ගානක හාදුවකින් පස්සේ දෙන්නාම ලෑස්ති වෙලා ඉක්මනට පහලට ගියේ දැනටමත් යූන්මින් ඩබල ලෑස්ති වෙලා පහල ඉදන් කතා කරන නිසායි..

Defenders Of The Degan || Taekook || Completed Där berättelser lever. Upptäck nu