💎 IJI 9 ( I want him )

313 90 43
                                    

" ලිවු අයියා මන් ඊයේ නෙමෙයි පෙරේදා ශියාඕ ව කිස් කරා...

උදේ පාන්දර කුකුලත් අතේ අරන් ඔෆිස් එකට ගිය ගමන් මන් ලිවූ අයියගේ කන හරහා මොලේටම යන්න ඒක කියලා දැම්මා...

මන් ඒක කිවුව ගමන් ලිවු අයියාගේ මූනත් එක්ක සුදුමැලි වෙලා ගියේ හරියට හොල්මනක් දැකලා බය වෙලා වගෙයි 🙄 ලිවු අයියා මන් ගාවට ආවා...

" යීබෝ !! ගුඩ් ලක් !! ඒම කියලා පිටට තට්ටුවක් දාලා . ඊට පස්සේ මගේ වටේ කැරකී කැරකී මගේ අත පය උස්ස උස්ස මගේ දිහා බලන් හිටියා...

" මේ මොකද අනේ මේ ?

" ඔයා තාම යහතින් ඉන්න එක ගැනයි මට මේ පුදුමේ....

" අනේ ලිවු අයියේ

" නෑ ඇත්තටම ශියාඕ ඔයාට මුකුත් කිවුවේ නැත්ද ? එයා ගැහුවේ නැත්ද ?

" එයා මාව රිජෙක්ට් කරා 😶

" ඔව් ඉතින් එහෙම වෙන්න ඕනීනේ...ඔයා මැරි කරන්න ඉන්න කෙනෙක්නේ...

" ඇත්තටම ඔයාට පුදුම නැද්ද මන් එයාව කිස් කරා කියලා ඔයා එක්ක කිවුවාම..

" යී බෝ !! යී බෝ !! මන් අවුරුදු ගානක ඉදන් ඔයාව දන්නේ . ඔයා හැරෙද්දි මන් දන්නවා . මට කලින් ඉදන්ම තේරුනා ඔයා එයාට කැමති විත්තිය . ඒත් ඔයා ඔය විදියට ඉස්සර වෙයි කියල මම හිතුවේනම් නෑ . ඒත් මට මේමත් හිතුනා කිස් එකකට වඩා දෙයක් වෙයිදෝ කියලත් . කොහොම වුනත් දැන් මොකද වෙන්නේ ?

" එහෙම දෙයක් වෙන්න තිබ්බා එයා මාව රිජෙක්ට් කරේ නැත්නම්...මන් දන්නේ නෑ ලිවු අයියේ..  ඒත් මට එයාව ඕනී . මන් දන්නේ එච්චරයි

" එතකොට යින්ග් ? ඔයාගේ engagement එක ?

" අයියේ මට ඒක කැන්සල් කරන්න ඕනී . යින්ග් එක්ක කතා කරන්න වෙයි වගේ...

" ඔව් කොහොමත් ඔයාගේ ජීවිතේ කාටවත් ඕනී විදියට නෙමෙයි ඔයාට ඕනී විදියටයි ඔයා ගෙවන්න ඕනී . ඔයා මොනවා කරත් මන් ඔයාගේ පැත්තේ..

" ඇයි අපිත් ඉන්නවා...ඒම කියාගෙන එක පාරටම ඔෆිස් එක ඇතුලේ මේසේ යට හැංගිලා හිටිය යූ බින් , ශින්ග් දෙන්නා කෙලින් වුනා..

" what ??

" ලිවු අයියා මේ මොකෝ මේ වෙන්නේ ? මන් උඩ බිම බැලුවේ වෙච්ච දේ හිතාගන්න බැරිවයි....

~  𝙄𝙅𝙄  ~ Where stories live. Discover now