"මං ඇහුවෙ කාලාද ඉන්නෙ කියල!"

යුන්ගි ටිකක් සැරේට එහෙම අහද්දි ජිමින් ගැස්සිලා වගෙ යුන්ගි දිහා බලල නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..

"මං ළඟ මෙච්චරයි තියෙන්නෙ. දෙන්නෙක්ට ඇතිවෙයි කියල හිතන්න අමාරුයි"

යුන්ගි තමන්ගෙ අතේ තිබ්බ කෑම පාර්සලේ ජිමින් ට පෙන්නුවාම ජිමින් ඒක දිහා බලල ආයෙම යුන්ගි දිහා බැලුවා..

"එනව යන්න"

යුන්ගි එහෙම කියල ජිමින් ට බැල්මක් වත් නොදී ඉස්සර වෙද්දි ජිමින් කාර් එකේ යතුර අතට අරගන යුන්ගි ගෙ පස්සෙන් වැටුනා..
______________

ජිමින් හිටියෙ යුන්ගි ගෙ පොඩි ස්ටුඩියෝ කාමරේ. ඒක යන්තන් දෙන්නෙක්ට විතරක් ඉන්න පුලුවන් තරමට ඉඩ තිබුන පුංචි කාමරයක්.

ජිමින් ඒ කාමරේ තිබුන පොඩි ස්ටූල් එකෙන් වාඩිවෙලා වටපිට බැලුවා..මුලු කාමරේම තිබ්බෙ එක එක ජාතියෙ සංගීත භාණ්ඩ. යුන්ගි තාමත් වෙනස් වෙලා නෑ.. ජිමින් ට හිතුනෙ එහෙම..

යුන්ගි ජිමින් ට බැල්මක් වත් නොදී කාමරේ තිබ්බ පොඩි දොරකින් ඇතුලට ගියා. ජිමින් ටික වෙලාවක් ඔහේ බලාගන ඉදල ඇතුලින් ආව කෑම සුවද දිගේ යුන්ගි හිටපු තැනට හිමීට ඇදුනා..

යුන්ගි ඇදගන හිටපු හූඩි එකෙ අත් දෙක වැලමිට ලඟට දෙනකල් නවාගන මොනාදෝ උයන ගමන් හිටියෙ..

මේ වෙලාවෙ යුන්ගි ගෙන් පෙනුනෙ කියාගන්න බැරි තරමෙ ආකර්ශනීය පෙනුමක්.. ඒකට ජිමින් වහ වැටුනා.. එක දිගටම යුන්ගි ගෙ කඩිසර අත් දෙක දිහා වගේම කූරු කොන්ඩෙන් වැහිලා තිබ්බ ඇස් දිහා බලන් හිටපු ජිමින් ගෙ හිත සතුටින් පිරිලා තිබුනා.. යුන්ගි එක්ක එක තැනක ඉන්න තප්පර ගානට පුලුවන් උනා ජිමින් ගෙ හිත සතුටින් පුරවන්න

"මහන්සි වෙන්න ඕන නෑ.. මට බඩගිනි නෑ"

ජිමින් වචනෙන් එහෙම කිව්වට ජිමින්ගෙ හිත වගේම දිව නම් කිව්වෙම යුන්ගි අතෙන් හදන කෑම එකක රස බලන්න කියලමයි.. මොකද ජිමින් දැනගන හිටියා යුන්ගි හොද කෝකියෙක් බව..

"මං උයන්නෙ මට බඩගිනි නිසා ජිමින්!"

යුන්ගි ජිමින් දිහාවත් නොබල ඒ වචන ටික කියල බිත්තරයක් කඩලා සාස්පාන ට දැම්මා.. මේසෙ උඩ තියන කෑම පාර්සලේ කාටද කියල ජිමින් ට යුන්ගි ගෙන් අහන්න හිතුනත් ජිමින් සද්දයක් නැතුවම බිත්තියට හේත්තු වෙලා යුන්ගි උයන දිහා බලාගන හිටියා..
.
.
.
.
.
.
.

VOLCANO✔️Where stories live. Discover now