කමිසෙ කලවල කලිසමත් ගලවල යට ඇදුමට අත තියද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලගත්තා..

"එ-එපා.. ඔහොම ඉන්න.. ඉතුරු ටික මට මතක් කරගන අදින්න පුලුවන්"

ජන්ග්කුක් එහෙම කියල ටේහ්‍යුන් ගෙ ඇස් දිහා නොබල ආපහු හැරිලා කැන්වස් එක ලඟට යද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ට නොපෙනෙන්න හිනාවුනා..

ටේහ්‍යුන් තමන්ට තියල තිබ්බ පුටුව උඩින් වාඩිවුනාම ජන්ග්කුක් ඇවිත් තමන්ට අවශ්‍ය විදියට ටේහ්‍යුන් ගෙ ඉරියව් හරිගැස්සුව.

ටේහ්‍යුන් ගෙ එක කකුලක් දනිස්ස ළඟින් නවල පුටුව උඩින් තිබ්බ ජන්ග්කුක් ඒ දනිස්ස උඩින් ටේහ්‍යුන් ගෙ එක අතක් තිබ්බා..

තමන්‍ට අවශ්‍ය විදියට ටේහ්‍යුන් ගෙ ඉරියව් වෙනස් කරල ජන්ග්කුක් ආයෙම තමන්ගෙ පුටුවට ගියා.

<>

ජන්ග්කුක් ගෙ කම්මුල් රතු වෙලා තිබ්බා.. ටේහ්‍යුන් ගෙ දිගැටි ඇස්,හීනි තොල් වගේම මී පැනි පාට හම වෙන වෙනම අද්‍යයනය කරන ගමන් හිටපු ජන්ග්කුක් ට තමන්ගෙ හදවත වේගෙන් ගැහෙන එක පාලනය කරගන්න බැරිවුනා..

මේ වෙලාවෙ ජන්ග්කුක් ට ඕන උනේ ටේහ්‍යුන් ගෙ පපුව අස්සෙ ගුලිවෙන්න.. ඒ තොල් අස්සට රිංගගන තමන්ගෙ ආත්මයම අවුලුවගන්න..ඒත් ජන්ග්කුක් තමන්ව පාලනය කරගත්තා.. ටේහ්‍යුන් ගෙන් ඒ වගේ බැල්මක්වත් නොවැටුන නිසා ජන්ග්කුක් ඒ හැගීම් තමන්ගෙ හිතේම හංගගත්තා..

ජන්ග්කුක් ගෙ තොල් වෙව්ලන්න ගත්තා.. පැන්සල හරියට අල්ලගන්නවත් බැරි තරමට අත් වලට දාඩිය දාලා තිබ්බ එක ජන්ග්කුක් ව තවත් අපහසුතාවයට පත් කලා..

පැයක විතර කාලයක් තිස්සෙ ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ උඩු කයේ කටු සටහන් ඇන්දා. ජන්ග්කුක් ට දැනුන අපහසුතාවය නිසාම වෙනදට වඩා වැඩි වෙලාවක් චිත්‍රය වෙනුවෙන් වැයවෙද්දි ටේහ්‍යුන් ට තවත් එකම විදියට ඉන්න අමාරු බව ජන්ග්කුක් ට තේරුන නිසා ජන්ග්කුක් චිත්‍රේ අදින එක නතර කලා...

"අදට ඇති ටේහ්‍යුන් .. ආයෙ හෙට"

ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා නොබල එහෙම කියල නැගිටින්න හදනකොට ටේහ්‍යුන් ඉදගන හිටපු තැනින් නැගිට්ටා..

VOLCANO✔️Where stories live. Discover now