"අපි මේ කොහෙද යන්නෙ ටේහ්‍යුන්?"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙන් අහනකොට ටේහ්‍යුන් හිනාවුනා.. හිනාවෙලා ජන්ග්කුක් ගෙ අතේ පිට අල්ලට තොල් තිබ්බ ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බැලුවාම ජන්ග්කුක් කම්මුල් දෙකත් රතු කරගන ටේහ්‍යුන් එක්ක හිනාවුනා.. ටේහ්‍යුන් ගෙ තෙත උනුසුම් තොල් තමන්ව ස්පර්ශ කරන හැම වෙලාවකම ජන්ග්කුක් ට දැනුනෙ ඒ පලවෙනි පාර කියල...ටේහ්‍යුන් ව ඒ තරම්ම නැවුම්ව ජන්ග්කුක් ට දැනුනා..

ටේහ්‍යුන් තමන් අහපු දේට උත්තර දෙන පාටක් නොතිබ්බ නිසා ජන්ග්කුක් ආයෙම ඒක අහන්න ගියෙ නෑ.. ටේහ්‍යුන් තමන්ව එක්කන් යන ඕනම තැනකට යන්න ජන්ග්කුක් දෙපාරක් හිතුවෙ නෑ.. මොකද ජන්ග්කුක් ටේහ්‍යුන් ව විශ්වාස කලා.. ඕනාවටත් වඩා විශ්වාස කලා..

ටේහ්‍යුන් එයාගෙ කාර් එක නතර කලේ තමන්ගෙ ගෙදර ඉස්සරහ. ඒක තනි මිනිහෙකුට ඕනාවටත් වඩා ඇතිවුන ලොකු ගෙදරක්. ටේහ්‍යුන් කාර් එකෙන් බැහැලා ජන්ග්කුක් ට බහින්න කාර් එකේ දොර ඇරියම ජන්ග්කුක් හිනාවෙලා කාර් එකෙන් බැස්සා..

"ඉතින් පෙට්.. මේක තමයි මගේ පුංචි ගෙදර"

ටේහ්‍යුන් එහෙම කියල එයාගෙ නිවස පෙන්නද්දි ජන්ග්කුක් ඒ දිහා බලල හිනාවුනා.. ටේහ්‍යුන් ගෙ ගේ අවට පරිසරය හරිම ලස්සනට තිබුනා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අතකින් අල්ලගත්තාම ටේහ්‍යුන් බයෙන් වගේ ඒ අත ආයෙම ඇදල ගත්තේ ටේහ්‍යුන් ගෙ ගෙදර වත්තෙ දැනටම මනුස්සයෙක් වැඩ කරමින් හිටපු නිසා..

ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලල ඇස් වලින් ප්‍රශ්නයක් නෑ කියලා සන් කරාම ජන්ග්කුක් තමන්ගෙ අත ටේහ්‍යුන් ට අල්ලගන්න ඉඩ දුන්නා..

ටේහ්‍යුන් හිනාවෙලා ජන්ග්කුක් ගෙ අතෙන් අල්ලගන ටේහ්‍යුන් ගෙ ගේ ඇතුලට ආවා.. ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙදර හැම තැනටම තමන්ගෙ ඇස් යැව්වෙ ඒ ගෙදර ඒ තරමට ආකර්ශනීය පෙනුමක් ගත්ත නිසා.. ටේහ්‍යුන් ගෙ ගෙදර හුගක් දේවල් හදල තිබ්බෙ ලී වලින්.. ඒකෙන් ඒ ගෙදරට අමුතුම උසස් පෙනුමක් වගේම ආකර්ශනීය බවක් එකතු වෙලා තිබුනා..

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ ගෙදර ලස්සන බලන අතර ටේහ්‍යුන් බලන් හිටියෙ ජන්ග්කුක් ගෙ රෝස පාට කම්මුල් දිහා.. ටේහ්‍යුන් ගෙ වත්තෙ තියන කැමේලියා මල් වලටත් වඩා ජන්ග්කුක් ගෙ කම්මුල් රතු පාටයි කියලයි ටේහ්‍යුන් ට හිතුනේ..

VOLCANO✔️Where stories live. Discover now