දෙවන කොටස

961 273 67
                                    

"කමෝන් කමෝන් ජන්කුක්... කමෝන් ෆාස්ට් ෆාස්ට්"

හවස් වරුවට පැවත්වුන අශ්ව තරඟාවලියේ වේගයෙන් තමන්ගෙ අශ්වයව බොහොම ලොකු පරතරයක් තියාගෙන ඉදිරියට අසුව පදවන තරුණයා දිහා බලාගෙන ඔහුගෙ පුහුණුකරු කිම් නම්ජුන් කෑ මොර දෙනකොට ඒ තරුණයා තමන්ට හැකි තරම් අසුගෙ වේගය වැඩි කලා.

අනෙක් අසුන් සියල්ලෝම අභිබවා යවමින් ඉදිරියටම අසු පැදවූ ජන්කුක් දිනුම් සීමාව පසු කරනකොට නැගුනේ ප්‍රේක්ෂකාගාරය දෙවනත් වන තරමේ හඩක්.

ඒ ප්‍රීතිමත් ඔල්වරසන් මැද බොහොම සතුටින් අසුගෙ පිටින් බැස්ස ජියොන් ජන්කුක් නම් ඔහු , ඔහු වෙනුවෙන් ඔට්ටු තැබූ මිනිසුන් සිය දහස් ගනනක ගෙ ප්‍රිති ඝෝෂා මැද අසුව රැගෙන තරඟ පිටියෙන් ඉවතට ආවේ හිතෙ සතුටින්.

"පර්ෆෙක් ජියොන්. නියමයි. ඔයා වෙනුවෙන් මිනිසුන් ඔට්ටුවට තබන මුදල් ප්‍රමාණය දැන් බොහොම වැඩිවෙලා. ගොඩක් සතුටුයි මට"

ජන්කුක් තරඟ පිටියෙන් පිටතට පැමිණෙන කොට , ජන්කුක් ගෙ පිටට තට්ටුවක් දැම්ම ඔහුගෙ පුහුණු කරු සිනාමුසුව කියනකොට ජන්කුක් ඔහු එක්ක හිනා උනා.

"ඔයා දවසින් දවස හුඟක් ඉන්පෘ වෙනවා ජන්කුක්. ආඩම්බරයි මට ජන්කුක් ගැන"

නම්ජුන් කියනකොට යන්තම් හිස සැලුව ජන්කුක් ඔහු වෙත ආව සේවකයාට අශ්වයාව දීලා නම්ජුන් දිහා බැලුවා.

"මතකනෙ.. මගෙ සියයට හැටක් ලැබෙන්න ඕනෙ ලැබෙන සල්ලි වලින් සර්"

අවසාන වචනය බර කරලා කිව්ව ජන්කුක් නම්ජුන් දිහා බලලා හිනා වෙනකොට නම්ජුන් ඔහු සමග පෙරලා සිනහ වුනෙ සමච්චල් සහගත ලෙස.

"කවදද සල්ලි පස්සෙ දුවන එක නතර කරන්නෙ ජන්කුක්?"

"සර් මට ලැබෙන්න ඕනෙ දීමනාවෙන් සල්ලි යටි මඩි ගහ ගන්න එක නතර කරපු දවසට"

තමන් දිහා බලලා මිමිණුව නම්ජුන් එක්ක සමච්චල් සහගත ලෙස සිනහ උන ජන්කුක් එතැනින් යන්න උත්සාහ කලෙ නම්ජුන්ගෙ කෝපයට පත් රවා බැලිම ගනන් ගන්නේ නැතිව.

"ජන්කුක් මට ගෞරව කරලා කතා කරන්න ඉගෙන ගන්න. තමුසෙ මට වඩා පහලයි"

Dear Athens | TK ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon