ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අත කොයිතරම් තදින් අල්ලගන හිටියද කිව්වොත් ජන්ග්කුක් ගෙ ඇස් වල කදුලු පිරුනා.. ඒත් ජන්ග්කුක් ඒ ගැන පැමිණිලි කරන්න නොගියේ මේ වෙලාවෙ ටේහ්‍යුන් ඉන්නෙ කේන්තියෙන් බව ජන්ග්කුක් ට තේරුන නිසා..

ටේහ්‍යුන් ජන්ග්කුක් වත් ඇදගන කොරිඩෝ එකක් දිගේ ගිහින් වහල තියන දොරවල් පේලියක් ලඟ නතර උනා.. බැලූ බැල්මට ඒ හෝටල් කාමර කියල ජන්ග්කුක් ට තේරුනත් ටේහ්‍යුන් තමන්ව මෙතනට එක්කන් ආව හේතුව ජන්ග්කුක් ට තේරුනේ නෑ..

දොරවල් වල ගහල තියන අංක බල බල ගිය ටේහ්‍යුන් 143 අංකෙ තියන කාමරේ ළඟ නතර උනා..

සාක්කුවෙ තිබ්බ යතුර එලියට ගත්ත ටේහ්‍යුන් කාමරේ දොර ඇරියත් අනිත් අතෙන් ජන්ග්කුක්  ගෙ අත අල්ලගනම ඉන්න ටේහ්‍යුන් අමතක කලේ නෑ..

කාමරේ දොර ඇරපු ටේහ්‍යුන් වටපිට බලල එකපාරටම ජන්ග්කුක් වත් ඇදගන කාමරේ ඇතුලට ගිහින් දොර වහගත්තා.. කිසි දෙයක් හිතාගන්න බැරුව ඉන්න ජන්ග්කුක් බෝල ඇස් පුලුවන් උපරිමේට ලොකු කරගන ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි ටේහ්‍යුන් කාමරේ ඇතුලෙන් අගුලු දාලා ජන්ග්කුක් දිහාට  හැරුනා.. ඒත් ඒ මූනෙ තිබ්බ නපුරු කලබලකාරි පෙනුම තාම නැතිවෙලා තිබ්බෙ නෑ..

සාක්කු දෙකට අත් දෙක දාගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා මූන උස්සල බලාගන ඉද්දි ජන්ග්කුක් කලේ බිම බලාගත්ත එක..

"කතා කරනව ජන්ග්කුක් ! මොකද්ද තමුන්ගෙ ප්‍රශ්නෙ?"

ටේහ්‍යුන් ගෙ කටහඩ කවදාවත්ම නැති තරමට ගොරෝසු වෙලා වගේම ගැබුරු වෙලා කියලයි ජන්ග්කුක් ට හිතුනේ.. ඒ කටහඩේ කිසිම තෙතමනයක් තිබුනෙ නෑ.. ටේහ්‍යුන් ගෙ කටහඩට ජන්ග්කුක් ව හිරිවැටිලා යද්දි ජන්ග්කුක් ට මූන උස්සලා ටේහ්‍යුන් දිහා බලන්නත් බය හිතුනා..

ජන්ග්කුක් ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති එක ටේහ්‍යුන් ගෙ ඉවසීම උපරිමේටම ගේන්න සමත් කලා.. තවත් බලා නොයිද ටේහ්‍යුන් අඩියට දෙකට ජන්ග්කුක් ලඟට ඇවිදගන ඇවිත් ජන්ග්කුක් ගෙ නිකටෙන් අල්ලල මූන උඩට ඉස්සුවා..

"මෙහෙ බලනව ජන්ග්කුක් ! මං කේන්ති ගන්න ඕන තැන තමුන් මාත් එක්ක කේන්ති අරගන්න එක සාධාරණද?"

VOLCANO✔️Where stories live. Discover now