විසි නවවන පරිච්ඡේදය

Ξεκινήστε από την αρχή
                                    

🐰 මට බෑ....😥😥

🦁 අහන්නකෝ රත්තරන්.. ඔයා මේ ලෝකේ ඉන්න හොදම මහත්තයා නේද.. මගේ දේවල් මටත් කලින් හොයලා බලලා ඔයා කරලා දෙනවනේ.. ඉතින් එච්චර හොද හිතක් තියෙන මගේ පණ ඇයි මෙ නපුරු වෙලා... ම්ම්...

යීබෝ පපුවේ උන්න ශාන්ගේ හිත සනසන ගමන්ම ඒ හිස අතගාද්දී ශාන් හීල්ලුවා...

🦁 සමහරවිට ශියාඕ පපාගේ කතාව කදුළු කතාවක් වෙන්නැති.. ඔයා එයාව කවදහරි මන් නිසා දාලා යයි කියලා බයට අද කියන්න හිතන්න ඇති.. ඒත් එයා ඉන්නේ දුකින් පපා.. ඒක ඔයාට පේනවා නේද..  බලන්න එයා මුද්දක් ලග තියන් ඉන්නවා...හද්ද පරණ ෆොටෝ එකකුත් එක්ක... ඒ කියන්නේ එයා ඉන්නේ පරණ මතකයන් එක්ක... එයා කිව්වා මතකද එයාට ලස්සන ආදර කතාවක් තිබ්බා කියලා... මට හිතෙන්නේ එයා ඉන්නේ දුකින්.. එයා කවදාවත් මැරි කරේ නැත්තම්...ඔයා එයාගේ පුතානම්.. ඔයාලා ඈත් වෙලා ඉද්දි ඔයා හැදුනේ මඩමක නම්... හිතන්න පපා.. එතන මොකක් හරිම දෙයක් තියෙනවා...ඒ පපුවට වද දෙන දෙයක්... නැගිටින්නකෝ පපා.. ඒ කතාව අහන් එමූ.. ඊටපස්සෙ ඕන්නම් යමූ...

යීබෝ එයාට තේරෙන බාෂාවෙන් ශාන්ට මේ පැහැදිලි කරනවා.. ඒත් ශාන් තවමත් කිසි දෙයක් පිලිගන්න ලෑස්ති නෑ... 

" මාව දාලා යන්න කලින්.. මගේ කතාව අහන්න පුතේ.. ඊටපස්සෙ යන්න... ඒත් ඔයා ගිය ගමන් මමත් ඔයාගෙ මමා එක්කම යන්න යනවා... ඊට කලින් හැමදේම මට කියන්න ඉඩ දෙන්න රත්තරන්... පපාගේ පපුවත් රිදෙනවා මැණික..."

මිදුලට බැස්ස ශියාඕ අවසානෙදි පපුව අල්ල ගද්දී යීබෝ ශාන්ව අතෑරලා දිව්වේ ශියාඕ ගාවට... ශියාඕව පපුවට තුරුල් කරන් ඒ පපුව වේගෙන් අත ගාද්දී...

" මට අමාරු නෑ පුතේ..."

මලානික දෑසින් බලලා ශියාඕ කියද්දි ශාන් ශියාඕගේ එක පැත්තකින් හිටගෙන යීබෝ එක්කම ඇතුළට ගියා... ශියාඕ සෝෆාවෙන් තියලා යීබෝ දුවලා ගිහින් වතුර එකක් අරන් ඇවිත් දෙද්දී....ශාන් හෙමිහිට කෝප්පේ ඒ මුවට ඇල්ලුවේ.. මොනවා උනත් තමන්ගෙම තාත්තා ලෙඩ වෙද්දි දරුවෙක්ට බලන් ඉන්න බැරි නිසා...

🐰 පපා... අඩුද...

" මාව දාලා යන්න එපා.. ඔයාගේ මමාත් මට නැති උනා පුතේ..."

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα