පළමු පරිච්ඡේදය

3.6K 285 153
                                    

💎 යීබා.. යීබා... කෝ බන් උබ.....

🦁 ම්ම්ම්...බිනා...

💎 හැමදාම ඇයි බන් ඔහොම අහස දිහා බලන් ඉන්නේ...

🦁 එයා කොහේ ඇතිද බන්...

..

..

..

..

..

..

ශාන්... මෙහෙට වරෙන්....ශා........න්..........

රොබටි ගේ කෑගැහිල්ලට ශාන් දුවන් ආවේ වත්ත පහල පාත්තිය කොටමින් සිටි උදැල්ලත් අතේ තියාගෙනයී... කොල්ලා ඉරුණු කලිසමට මඩ ගෑවුන බැනියම් කබලක් ඇදගෙන මේ උදේ සිට පාත්තිය කොටන්නේ දවල්වත් ආහාරයක් නැතුව...

රොබටි.. මේ ළමා මඩමේ ප්‍රදාන පාලිකාව.. පෙනුමෙන් අඩි හයකට කිට්ටු උසක් එයාට තිබ්බා.. මහතත් එහෙමයි.. එයා ගොඩක් උස මහත ගෑනියෙක්.. ඒ වගේම නපුරු ගෑනියෙක්.. වයස අවුරුදු 45ක් වන රොබටි ජීවිතේ කවදාවත් කසාදයක් කරගෙන නෑ.. ඉතින් මේ මඩමේ ළමයි 20ක් පමණ සිටියත් රොබටි කිසි කෙනෙක්ට ආදරේ නම් කරන්නේ නෑ.. හැම වෙලාවෙම මොකක්දෝ දෙයක් නිසා එයා ඉන්නේ කේන්තියෙන්... එයා මේ නිවාසේ වැඩියෙන්ම කෙනෙහිලි කම් කරන්නේ ශාන් කියන කොල්ලට.. හේතුව කොල්ලා අනිත් ලමයින්ට වඩා ක්‍රියාශීලියි.. ඕනම වැඩක් කරන්න කොල්ලට පුළුවන්..

🐰 ඇයි මැඩම්....

හැයි මැඩම් තමයි.. උදේ ඉදන් කොටනවා නේද...උබට බැරි උනාද යකෝ තාමත් පාත්තිය හදලා ඉවර කරන්න...

🐰 තව ටිකයි මැඩම් කරන්න තියෙන්නේ...

හවස් වෙන්න කලින් උබට බැරි උනොත් පාත්තිය හදන්න අදත් උබට රෑ කෑම නෑ...

🐰 අනේ මැඩම්...දවල්ට කෑවෙත් නෑනේ...

ඉතින්...නොකා හිටියා කියලා දවසක් , උබ මැරෙනවද..

🐰 නෑ...

පලයන්

ශාන් ඔලුවත් පහත් කරන් එලියෙ ටැප් එකෙන් වතුර ටිකක් බීලා ගියේ ආයෙමත් පාත්තිය කොටන්න...

🐰 මටත් අම්මෙක් තාත්තෙක් උන්නා නම්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
༒  සොයා එන්නම්  ༒                           ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Where stories live. Discover now