එකොලොස් වන පරිච්ඡේදය

1.1K 236 87
                                    

ශාන්ගේ කම්මුල් දෙකත් අල්ලන් යීබෝ අඩ අඩ කියද්දි ශාන් බැලුවෙ යීබෝ ඇස් දිහා...ඒ ඇස් දුකෙන්ම පිරිලා... ඒ ඇස් රතු වෙලා.. මොකක්දෝ වේදනාවක් ඒ ඇස් වල ලියවිලා තිබ්බා... හිතේ සැකේට යීබෝගේ නළලට ශාන් අත තියද්දි යීබෝ සනීපෙට ඇස් පියාගද්දි...

🐰 අනේ ඇග හොදටම  රස්නෙයිනේ බෝදී...

🦁 ම්ම්... නෑ නෑ...

🐰 නැත්තේ මොකද... හිතුවක්කාරකම් එදා වගේමයි...

💎 ඒක නම් ඇත්ත ගගා මූ ඊයේ ආව වෙලාවෙ ඉදන් පිස්සෙක් වගේ කන්නෙත් නෑ බොන්නෙත් නෑ පෙරේතයා පොලේ ගහලා වගේ බිම නිදාගන්නවා..  එපා කිව්වට අහන්නෙත් නෑ.. ශන්ගා එක්ක මේම උන්නා අරම උන්නා ගගා මූ කරන්නේ හිතුවක්කාර වැඩමයි.. දන්නවද උදේ මන් යද්දි මුගේ ඇග ගිනිගොඩක් වගේ... වදෙන් පොරෙන් බේත් ගන්න එක්ක ගියාම.. එතනම බිම ඇදන් වැටුනත් කමක් නෑ මඩමට යන්න ඕනා කිව්වා.. එක්ක ගියා...දෙයියනේ කියලා ගෙදර ආවට පස්සේ මූ ඒ පාර කෝල් කරනවා ශන්ගගේ කාඩ් එක හම්බුනා කියලා... ඊටපස්සෙ ඉතින් ආයේ මේ උස්සන් ආවා ඉතින්.. ඇත්තමයි ගගා මූ පුදුම වදයක් දුන්නේ ඔයාව හොයාගන්නකල්...

🦁 බිනෝ.. මන් උබට...

🐰 හා හා මෙහෙ එනවා... නලියන්නැතුව...

බින් කියෝගෙන කියෝගෙන යනකල්ම යීබෝ උන්නේ ශාන්ගේ පපුවට හේත්තු වෙලා... ශාන් කතාව අහන් ඉන්න ගමන් යීබෝගේ ඔලුවත් අතගෑවේ හිනා වෙලා උනත් යීබෝ ශාන් දිහා බලද්දි ශාන් ඒ හිනාව ඉක්මනින් හංග ගත්තා...

" දැන් මේ දරුවට බේත් ටිකක් එපැයිනේ.. පුතේ යන්ද මන් එක්ක... ශාන් පුතා එහෙනම් බලාගන්නකෝ.. අවුරුදු 10ක් තිස්සේ නහයෙන් ඇඩුවනේ.. ඕන් ඉන්නවා.. දැන් ලෙඩ වෙලා නිසා සද්ද නැතුව ඉන්න.. හොද උනාම දාලා ගියාට දඩුවම් දෙන්න ඈ..."

🦁 අනේ...🥺🥺🥺

💎 අනේ සාදූ බොට... හොදෑඩේ දැන් අත හපාගන්න තමයි බොට වෙන්නේ..  එහෙනම් කොල්ලො අපි ගියා ..

🦁 ආශ් තොට මන්...

මෙච්චර වෙලා ශාන්ගෙ තුරුලෙ උන්න යීබෝ ශාන්ගෙ ඇගෙන් මෑත් වෙලා දුවලා ගිහින් බින්ගෙ පස්සට වැරෙන් පා පහරක් එල්ල කරද්දි බින් එහෙම්ම ගෙම්බා පොලේ ගහලා වගේ වැටෙද්දි යීබෝ එහෙම්ම දුවන් ඇවිත් පැන්නේ ශාන්ගේ ඇගට...

༒  සොයා එන්නම්  ༒                           ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Where stories live. Discover now