දසවන පරිච්ඡේදය

1K 251 185
                                    

සොයා එන්නම්.... බෝනස්

*

*

*

යීබෝ උන්නේ කාමරේ පුරා එහාටයි මෙහාටයි යන ගමන් ඔලුවත් කස කස කල්පනා කරන ගමන්... කොල්ලට ලොකු ප්‍රශ්නයක් ඇවිත්..කොල්ලා ඒකයි මේ දස අතේ කල්පනා කරන්නේ...

🦁  ආයීශ්... කොයිකද යකූ ලස්සනම... අනී මට බෑ... සුදු අදිනවද .. රතු අදිනවද...

කොල්ලා මේ ඇදන් යන්න කමිසයක් තෝරනවා... ශාන්ව බලන්න යන්න කොල්ලා තියෙන ලස්සනම ඇදුම මේ තෝරන්නේ...

🦁 රතු අදිමු...

අන්තිමට කොල්ලා රතු කමිසයක් හොයලා ඇදලා සෙන්ට් බෝතලේම ඇගට හලාගෙන සපත්තු දාලා බැගේජ් එකත් තල්ලු කරන් ඉස්සරහට යද්දිම බින් හෝන් එක උඩ වාඩි වෙලා දගලනවා...

💎 වරෙන් යකෝ...

🦁 එනෝ එනෝ... යකෝ ශන්ගා මගේද මුගේද...

තනියම බින්ටත් බැන යීබෝ කුනු කුනු ගගා කාර් එකට නගිද්දි බින් අත් දෙකෙන්ම නහය වහගත්තා...

🦁 මොකෝ යකෝ...

💎 බම්ලෝ තෝ සෙන්ට් නෑවද.. අම්මෝ හචීන්....ඥහය මගේ...

යීබෝගේ සෙන්ට් එකට බින්ගෙ නහයත් හොල්මන් වෙලා . ඒ අස්සේ බින් හෝ හාලා කිවිසුම් යවනවා.. යීබෝ ඉක්මනින් යන් කිය කිය බනිනවා...

💎 යන් යන් යකෝ..  මොකෙක්ද මන්දා උබ...

බින් කාර් එක පණ ගන්වද්දි යීබෝ ශාන්ගේ කාඩ් එක බල බල හිනාවෙනවා... බින් දැන් සෑහෙන්න වෙලාවක ඉදන් මේ නරී කෝලම දිහා බලන් උන්නේ...

💎 දීපන් ඕක මෙහෙට වැඩක් කරමු...

🦁 අනී ඕක ඉරෙයි යකෝ..

💎 නෑ නෑ හිටුකෝ...

කාර් එකත් පාරේ පැත්තකින් නවත්වපු බින් යීබෝගෙන් ඉල්ලුවෙ යීබෝගේ ෆෝන් එක...

🦁 ඇයි බන්...

💎 කෝල් කරමු උබේ මහලොකු දොස්තරයට...

🦁 අනී මේ ඒම කියන්න එපා හොදේ...

💎 ගමු බන්.. පොඩි බයිටක් දෙමු...

༒  සොයා එන්නම්  ༒                           ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Where stories live. Discover now