විසිවන පරිච්ඡේදය

963 210 101
                                    

🐰 බබා මේ අහන්න... අපි මැරි කරමු රත්තරන්... ම්ම්...

.

.

🦁 අහ්... මොකක්ද පපා කිව්වේ...

🐰 ඔයයි මමයි මැරි කරමු මැණික...

යීබෝ උන්නේ මොකක්ද මේකට කියන්නේ කියලා හිතාගන්න බැරිව වගේම උත්තරයක් වචනයක් ඇහිද ගන්න බැරිව... මැරි කරන්න.. ඔව් ඒක යීබෝගේ හීනයක් තමයි... ඒත්... මෙහෙම එක පාරට කිව්වාම සතුට වැඩි කමට කලබල වෙන්නෙ නැද්ද...

🦁 පපා හදිස්සියේම ඇයි මැරි කරමු කිව්වේ...

🐰 බලන්න මැණික අර වල් ගෑනුන්ගේ කටවල්... උන් ඔයාට කියන කතා... ඕකුන්ගේ කටවල් ලොක් වෙන්නත් එක්ක අපි මැරි කරමු.. අපි මැරි කරාට පස්සෙ කවුරුත් මොනාවත් කිව්වට වැඩක් නෑනේ... නේද බබා...

ශාන් මේ කතා කරන්නේ තව ටිකකින් පුපුරන්න යන ක්ලේමෝ බෝම්බේ ගැන නොදැන නෙවෙයි.. හොදටම දැනගෙන..

🦁 ශියාඕ ශාන්...😒😒 තමුසෙට එක එකාට පේන්නද මාව මැරි කරන්න ඕනා.. ගිහින් මැරි කරගන්නවා තවුසෙ තනියම...රෙද්ද... එනවා මෙතන අරුන්ගෙ කට වහන්න කියලා මාව මැරි කරන්න.. යනවා ඉතින්.. ඔතනින් නැගිටලා... මන් නිදාගන්නවා...

🐰 ඉතින් බබා...

🦁 මට ඕන්නෑ මුකුත්ම අහන්න... ඉන්නවනම් මාව අල්ලන්නැතුව ඉන්න එකයි ඇත්තේ.. නැත්තම් අර පුටුවට යනවා...

යීබෝ බිත්තිය දෙසට හැරුනේ.. මෙච්චර වෙලා හැංගිලා තිබ්බ ශාන්ගේ හිනාවත් එලියට පනිද්දී...

" ආදරෙයී කිව්වෙත් නෑ.. හූම්...අරුන්ට පේන්න මැරි කරන්න ඔනලූ... මගුල තමයි ආදරෙයී කියන කල් මන් ආයේ උම්මියක්වත් දෙන්නෑ... බූරූ ශාන්..."

යීබෝ ඇස් දෙකත් පියන් ඔරොගෙන ඉන්නැද්දි ශාන්ට කෝල් එකක් ආව නිසා කොල්ලා ෆෝන් එකත් අරන් එලියට ගියේ දොරත් ලොක් කරන්...

ශාන් කෙලින්ම ගියේ ශියාඕගේ කැබින් එකට... ගෑනූ ටික ඉන්නවා පෝලිමට හිටගෙන... ඔක්කොම ඉන්නේ බිම බලාගෙන..

" පුතේ මෙයාලා අස් කරනවා... "

🐰 ඕන නෑ පපා... ඒ වෙලාවේ කේන්තියට කිව්වට.. මන් හිතන්නේ මෙයාලා මෙතන ඉන්න ඕනා.. මන් නිතරම බබා එක්ක තමයි එන්නේ.. එහෙම ආවාම මෙයාලට දකින්න දේවල් නම් කොච්චර තියෙන්න ඕනද නේද පපා...

༒  සොයා එන්නම්  ༒                           ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Opowieści tętniące życiem. Odkryj je teraz