Aqua Girl

136 15 41
                                    

දවසෙම ක්ලාස් ඉදලා ගමන් මහන්සියයි පන්තියේ වාඩි වෙලා ඉදපු මහන්සියයි එක්ක හවස 5 ට ගෙදර ඇවිල්ලා වොශ් එකක් දාලා දවල්ටයි ‍රෑටයි දෙකම එකට අල්ලලා කාලා ඇදට ගියාම දැනෙන සනීපේ...........

මාත් ඔහොම ම තමයි ෆෝන් එකත් අරන් ඇදට ගිහින් ගෙදර හැමෝටම නින්ද ගියාටත් පස්සේ...... මුලු දවසෙම ඇවිල්ලා තිබ්බ මැසේජ් , ස්ටේටස් , ක්ලාස් වල දාපුවා , අප්ඩේට්ස්............ ඔක්කෝම බලන්න ගන්නේ ඒ වෙලාවට


ගොඩක් වෙලාවට මට එහෙම්මම නින්ද යනවා එදත් ඒ වගේ දවසක්...............


ඇදට ගිහින් ටේබල් ලෑම්ප් එකත් ඔන් කරගෙන ෆෝන් එක බල බල ඉද්දී..........

එක පාරටම එලිය වෙලා......... ගෙදර තනිකරම luxury house එකක් වගේ....... මාලු ඉන්නව හැමතැනම......... bulletproof වීදුරු වලින් ගෙයි බිම තනිකරම වතුර........ ඒ වතුරේ එක එක ජාතියේ මාලු පීනනවා........ මිනී මෝරු , චූටි චූටි ලස්සන මාලු , මුහුදු අශ්වයෝ.
.. වගේ තා ගොඩාක් මාලු ජාති පැල අස්සේ පීනනවා පේනවා......... එතකොට අපි ?






[ (මෙතැන තිබ්බ පොටෝස් ටික මගේ අතින් ඩිලීට් වෙලා ) ඒ තැන් මේ වගේ හැබැයි ඉන්නේ මුහුදේ ඉන්න අය ]


අපි ඒ මාලුන්ට උඩින් ඇවිදිනවා........ කොහොමද ඒ ෆීලිං එක පොඩි පැල්මක් වුන ගමන් ඉවරටම ඉවරයි.......................
මං ගෙදරින් එලියට ගියා......... තා පොඩ්ඩෙන් මට හාට්ඇටෑක් හැදිලා නවතින්නේ........



එලියට ගියාම ගේට් එක ඇරන් ඇතුලට එන්න තියෙම පඩි පෙල ගෙදර ඇතුල වගේම වීදුරු........ වගේම යටින් මාලූ........... පීනනවා උපරිමේටම ශොක් වුනා මම.....



කොහොම හරි ගෙදර අයගෙන් ඕක ගැන අහද්දී එයාලා කිව්වේ..... "මුහුදට ලග නිසා ටනල් එකක් පොලව යටින් කපලා තමයි ඕක හැදුවේ....... ඇයි ලමයෝ මතක නැද්ද........" කියලා තවත් එතන පල් වෙන්න ඕන්නැති නිසා මන් නිදාගන්න කාමරේට ගියා.... ( කාමරේ මාලු නෑ හොදේ )



නැගිටිද්දි හොදටම හවස් වෙලා තිබ්බේ හවස තුනට ලං වෙලා වගේ කියල තමයි හිතුනේ........



නැගිට්ට ගමන් එලියට යන්න ඕන කියලා හිතුන නිසා කුස්සියට නොගිහින් එලියට ගියා..... ගෙයින් එලියට අඩිය තියද්දි මං දැක්කේ ලෝකේ පෙරලුනත් විශ්වාස කරන්න බැරි දෙයක්.......................................



DreamsOnde as histórias ganham vida. Descobre agora