මොකද ඒක තමයි ටේහ්‍යුන් ගෙ විදිය...
_______________________________________________

ජන්ග්කුක් හිටියෙ තරමක චකිතෙකින්.. දෙතුන් පාරක්ම බැදගන ඉන්න ටයි එකෙන් බෙල්ල හිරකරනව වගේ හැගීමක් ආව නිසා ජන්ග්කුක් ටයි එක බුරුල් කලා.. ලොකු හුස්මක් ගත්ත ජන්ග්කුක් ලී සන් ගෙ කාර්යාලය ඇතුලට යන්න හිත හදාගන දොර ඇරියා..

"අහ් චිත්‍රකාරයා.. එනව එනව!"

ලී සන් සුහද හිනාවකින් ජන්ග්කුක් ට කතා කරල තමන්ට ඉස්සරහින් තිබ්බ පුටුව පෙන්නුවෙ ජන්ග්කුක් ට එතනින් ඉදගන්න කියල සන් කරන ගමන්..

"එහෙනම් හෙට ඉදන්ම වැඩ පටන් ගමු"

ජන්ග්කුක් ගෙ ෆයිල් කවරෙ උඩින් පල්ලෙන් බලමු ලීසන් එහෙම කිව්වාම ජන්ග්කුක් ටිකක් පුදුම උනා.. සෝල් නගරෙ ලොකුම විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් වෙන්න මෙච්චර ලේසි වෙයි කියල ජන්ග්කුක් හිතුවෙ නැති නිසා ජන්ග්කුක් ටිකකට වඩා වැඩියෙන් පුදුම උනා..

"අනික කොලුවෝ.. හෙට ඉදන් ඔය සූබ් බූට් ඇදගන එන්න ඕන නෑ.. ඔව්වා ඇදන් චිත්‍ර අදින්න බෑනෙ.. "

ලී සන් එහෙම කිව්වාම ජන්ග්කුක් හිනාවුනා.. ඒ එක්කම ලී සන් ගෙ කාර්‍යාලය ඇතුලට ආවේ තරුණ වයසෙ විශ්වවිද්‍යාල ශිශ්‍යයෙක් කියල හිතන්න පුලුවන් පිරිමි ළමයෙක්..

"බෝගම්.. මේ ඉන්නෙ අලුත් චිත්‍ර මාස්ටර්.. මේ සර් ව අපේ පරණ කලාකාමරේට එක්කන් යන්න.. දැන් ලෙක්ස්චර්ස් නැති කොල්ලො ටිකක් එක්ක ඒ ඔක්කොම අස් කරගන්නත් ඕන.. සර් ට හෙට ඉදන් වැඩ පටන් ගන්න"

"එන්න සර්..."

ලී සන් ට ආචාර කරපු ජන්ග්කුක් බෝගම් එක්ක පරණ කලාකාමරේ පැත්තට ඇවිදගන ගියා.. යන අතරමග ජන්ග්කුක් හතරවටේටම ඇහැ යැව්වත් ටේහ්‍යුන් ගෙ සේයාවක්වත් හොයාගන්න ජන්ග්කුක් ට බැරිවුනා..
.
.
.
.
.
.
.

"සර් ඔහෙන් ඉන්න අපි මේක කරල දාන්නම්"

බෝගම් එහෙම කිව්වත් ජන්ග්කුක්ට ඕන උනා උදව් කරන්න. ඒ නිසා ජන්ග්කුක් ඇදගන හිටපු උඩ කබාය අයින් කරල ඇතුලට ඇදගන හිටපු සුදු කමිසෙ අත් උඩට නවාගන ලෑස්ති උනේ කලාකාමරෙ අස් කරන වැඩේට..බෝගම් ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගන ඉදලා තමන් එක්කම හිනාවෙන ගමන් ආයෙම වැඩ කරන්න පටන් ගත්තා..

VOLCANO✔️Where stories live. Discover now